IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අසාන්ජේට නිදහසේ ඉන්න දෙන්න’යි ඉල්ලීමක්

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේට අත්අඩංගුවට ගැනීමේ හෝ උදර්පණය කිරීමේ බියකින් හා සැකයකින් තොරව ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටත්ව යෑමට ඉඩ ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දන්වා අත්තනෝමතික ලෙස රඳවාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව 2016 වසරේ පෙබරවාරි මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කළ අතර ජූලියන්ට අසාන්ජේට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි සඳහන් කළේය.

 
 ඒ අනුව ජූලියන් අසාන්ජේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳි සිටීම, නීතිවිරෝධීව ඔහු තානාපති කාර්යාලය තුළ රැඳී සිටීම අත්තනෝමතිකව තානාපති කාර්යාලය තුළ රඳවාගැනීමක් හා සමාන යැයි ද එම කමිටුව පෙන්වා දී තිබිණි. ජූලියන් අසාන්ජේ සිය ආරක්ෂාව උදෙසා රැඳී සිටින්නේ ද ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේය.
 
 ඔහු දැන් වසර හයකට වැඩි කාලයක් මුළුල්ලේ සිට එහි රැඳි සිටී. 
  
ජූලියන් අසාන්ජේට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ. ස්වීඩන බලධාරීහු 2011 වසරේ නොවැම්බර් මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කළහ. එම චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව ද එකළ වාර්තා විය. 
 
 
ස්වීඩනයට පිටුවහල් කිරීමෙන් බේරීම සඳහා අසාන්ජේ රැකවරණ ඉල්ලූ අතර 2012 වසරේදී ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලය ඔහුට රැකවරණ ලබා දුන්නේය. කෙසේ නමුත් පසුව ඔහුට එරෙහිව කරන පරීක්ෂණ නවතා දැමිණි.
 
 
ජූලියන් අසාන්ජේ යනු ලෝ ප්‍රකට ‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඔහු විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් රහස්‍ය ලියකියවිලි දහස් ගණනක් ප්‍රසිද්ධියට පත් කළේය. එමෙන්ම අසාන්ජේ ස්වීඩනය එල්ල කරන ලිංගික අපහරණ චෝදනා ද ප්‍රතික්ෂේප කරයි. 
  
 
ස්වීඩනය තමන් එරටට ගෙන ගොස් ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන යෑමට උත්සාහ කරන්නේ යැයි ද අසාන්ජේ පවසයි. ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට උත්සාහ කරන බව ද හෙතෙම කියයි. 
 
තානාපති කාර්යාලයෙන් පිටත් වුවහොත් ඇප කොන්දේසි කඩ කිරීම සහ අධිකරණයේ පෙනි නොසිටීම යන කරුණුවලට අසාන්ජේ අත්අඩංගුවට ගන්නා බව බි්‍රතාන්‍ය බලධාරිහු පවසති. වැරැදිකරු වුවහොත් සිර දඬුවම මාස හය නොඉක්මවනු ඇතැයි ද පැවසේ. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. 
අසාන්ජේට මානුෂීයව සහ නියමිත ආකාරය අනුව සලකන බව බ්‍රිතාන්‍යයේ ඇමෙරිකා සහ යුරෝපා කලාප සඳහා විදේශ අමාත්‍ය ඇලන් ඩන්කන් පසුගිය ජූනි මාසයේදී පැවැසීය.
 
 
“අසාන්ජේගේ නිදහසට බාධා වී ඇත්තේ එකම කරුණයි. ඔහු එක්සත් රාජධානියේ ඇප කොන්දේසි කඩ කරමින් අධිකරණයේ හමුවේ පෙනි නොසිටීම එම බාධාවකි. එහෙත් එය සුළු වරදක්. වසර හයකට කාලයක් ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳි සිටීමට සිදුවීම එයින් සාධාරණීයකරණය කරන්න බැහැ” යැයි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ. 
 
 
“මතවාදයක් දැරීම වෙනුවෙන් තිබන නිදහස සාමකාමී ලෙස භුක්ති විඳීම නිසා අසාන්ජේ මහතා මේ වනවිට ඉතා ඉහළ මිලක් ගෙවා තිබෙනවා. භාෂාණයේ සහ තොරතුරු නිදහස වෙනුවෙන් ඔහු ඉතා ඉහළ මිලක් ගෙවා තිබෙනවා. එමෙන්ම මහජන සුබ සිද්ධිය වෙනුවෙන් සත්‍යයට ඇති අයිතිය වෙනුවෙන් ඔහු ඉහළ මිලක් ගෙවා තිබෙනවා. එහෙත්  ඒ සියල්ල නිසා ඔහුට නිදහස අහිමි වී තිබෙනවා. ඔහුට නිදහස හිමිවිය විය යුතු” යැයි ඔවුහු කීහ. 
 
මාධ්‍ය නිදහස සහ භාෂාණයේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා අසාන්ජේ විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ සුවිශේෂී කාර්යභාරයක්, විශේෂයෙන්ම අවදානම් සහිත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතැයි අසාන්ජේගේ නීතිඥයන් මෙන්ම තවත් බොහෝ පිරිසක් පවසා ඇත. 
 
අසාන්ජේගේ නිදහස අහිමි වීම ඔහුගේ සෞඛ්‍යට විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය අවදානමේ හෙළන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයෝ පවසති.  
 
 
  ( 055) (රොයිටර් අනුග්‍රහයෙනි)



අදහස් (1)

අසාන්ජේට නිදහසේ ඉන්න දෙන්න’යි ඉල්ලීමක්

saima Monday, 24 December 2018 03:35 AM

මානව හිමිකම් දෝරේ ගලනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site