
ඇමෙරිකන් රජයේත් හමුදාවේත් රහස්, 'විකිලීක්ස්' වෙබ් අඩවිය ඔස්සේ ලොවට අනාවරණය කළ ජුලියන් අසාන්ජ් තමන්ට බාර දෙන්නැයි ඇමෙරිකා රජය ඉදිරිපත් කළ අභියාචනයට ලන්ඩන් මහාධිකරණයේ අනුමැතිය හිමිවී තිබේ.
ඇසෙන්ජ් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. විකිලීක්ස් අනාවරණය සිදුවෙද්දී ඔහු සිටියේ ලන්ඩනයේය. ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරීමට අසාන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලබමින් වසර ගණනක් එහි රැඳී සිටියේය.
කෙසේ නමුත් පසුව එක්වදෝර් තානාපති කාර්යාලය ඇනෙස්ජ් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ වෙත ලබා දුන් අතර, ඔහු ලන්ඩනයේ බන්ධනාගාරයකට යැවිණි. 50 හැවිරිදි වියෙහි පසුවන අසාන්ජ් තමන්ට දෙන්නැයි ඇමෙරිකාව දිගින් දිගටම ඉල්ලීම් කළේය.
ඇමෙරිකා රජයේ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ දී අසාන්ජ් ට නඩු පැවැරීමට ඇමෙරිකන් රජය සූදානමින් සිටී. පසුගිය ජනවාරි 4 වැනිදා ලන්ඩන් දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේ අසාන්ජ් ඇමෙරිකාවට පිටුවහල් කළොත්, ඇමෙරිකන් බන්ධනාගාරයක් තුළ දී ඔහු දිවි නසා ගනු ඇති බවටය.
ඇමෙරිකාව අභියාචනය ඉදිරිපත් කළේ එම තීන්දුව සම්බන්ධයෙනි. ඇමෙරිකන් රජය ලන්ඩන් මහාධිකරණයට පවසා ඇත්තේ, ඇසෙන්ජ් කොලරාඩෝ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට යැවෙනු ඇති බවත්, ඇමෙරිකන් අධිකරණය හමුවේ ඔහු වරදකරු වුවහොත්, දඩුවම් ක්‍රියාත්මක කිරීමට ඔහු ඕස්ට්‍රේලියාව බලා යැවීමට පියවර ගන්නා බවත්ය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසාන්ජ් ඇමෙරිකාවට ලැබෙන ලකුණු