කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පුස්ලින්ච් ප්‍රදේශයේ අශ්වගාලක් ගිනිගැනීමෙන් අශ්වයින් 43දෙනකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ගිනි නිවීමේ භටයන් කොතරම් උත්සාහ කළද එකම සතකුගේවත් ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව බලධාරීන් ප්‍රකාශ කැර ඇත. ගිනි ගැනීමට හේතුව තවමත් සොයාගෙන නොමැත.
මෙය ඔන්ටේරියෝහි තුරඟ තරඟ සංගමයට අයත් ඉතා උසස් ගනයේ සතුන් සිටින මහාපරිමානයේ අශ්වගාලකි. එම සංගමයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙයින් සිදු වූ පාඩුව මිල කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd