IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අවසන් පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 16,079 ක්

 
ඉතාලියෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 16,079 දෙනකු හඳුනාගත් බවත්, එය දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්  ගණන බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉතාලියෙන් බදාදා දිනයේදී වයිරස ආසාදිතයන් 15,199 දෙනකු හඳුනාගෙන තිබිණි.

අවසන් පැය 24 දී ඉතාලියෙන් වයිරස ආසාදිත මරණ 136 ක් වාර්තා වී තිබූ අතර එය පෙර දිනය හා සැසඳීමේදී 127 කින් වැඩි වීමකි.

කෙසේ නමුත් ඉකුත් මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉතාලියෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණනට වඩා එම ගණන අඩු ය.

මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉතාලියෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන උච්ඡතම අවස්ථාවට පැමිණි අතර ඇතැම් දිනවලදී වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1000 කට ආසන්න විය.

ඉතාලියෙන් මේ වන විට වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 36,968 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 465,726 ක් වේ.

පසුගිය සති කිහිපයේදී ඉතාලියෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගිය අතර පළමු රැල්ල අවස්ථාවේදී දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන් ද ඉක්මවා යමින් තිබේ.

වයිරසයේ පළමු රැල්ල අවස්ථාවේදී මෙන්ම මෙවර ද වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට ය. ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් නුවර පිහිටා ඇත්තේ ද ලොම්බාර්ඩි ප්‍රදේශයේ ය.

බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් ලොම්බාර්ඩි ප්‍රදේශයෙන් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 4,125කි. දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පීඩ්මොන්ට් ප්‍රදේශයට ය. එම ප්‍රදේශයෙන් අවසන් පැය 24 දී වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 1,550කි.

රොයිටර්/ඒ.එෆ්.පී.

055

 



අදහස් (1)

අවසන් පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 16,079 ක්

විජිත් Thursday, 22 October 2020 09:20 PM

ප්‍රංශය ඉතාලියේ රෙකෝඩ් එක කැඩුවා. අද ( 22.10.2020 ) පැය 24ක් තුළ ප්‍රංශයේ කොරෝනා ආසාධිත අය 41662 ක් හමුවුණා. පැය 24ක් තුළ සිදුවූ මරණ ගණන 162 කි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site