IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අවසන් කටයුතු ලබන සෙනසුරාදා

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (17) සිදුවනු ඇති බවත්, රජ පවුලේ සාමාජිකයටන් අතලොස්සක් පමණක් ඊට සහභාගී වනු ඇති බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එඩින්බර්ග් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන, 99 හැවිරිදි, පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 9 වැනිදාය.

පිලිප් කුමරු සහ දෙවැනි එලිසබත් රැජින විවාහ වී වසර 73 කි. පෙරේදා (10) දිනයේ පිලිප් කුමරුන්ට ගෞරව දක්වමින් මහා බි්‍රතාන්‍යය පුරා ආචාර වෙඩි මුර පැවැත්විණි.

පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 17 වැනිදා සෙනසුරාදා පැවැත්වෙන බවත් ඊට මහජනතාව සම්බන්ධ කරගැනීමක් හෝ කිසිදු මහජන පෙළපාලියක් හෝ නොපැවැත්වෙන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැඳුරේ දී බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 3ට දේහය පිළිබඳ අවසන් කටයුතු ආරම්භ වීමට නියමිතය.

අවමංගල්‍ය උත්සවය පැවැත්විය ආකාරයට අදාළ සැලසුමට මහ රැජිනගේ අනුමැතිය හිමි වී ඇත. මිනිත්තුවක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එයින් අනතුරුව දේහය සම්බන්ධ අවසන් කටයුතුවලට අදාළ ආගමික කටයුතු ආරම්භ වේ.

ජාතික කොවිඩ්-19 මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන බව ද මාලිගය නිවේදනය කරයි.

අවමංගල්‍ය උත්සවය සජිවීව විකාශය කිරීමට ද නියමිත ය.

අප්‍රේල් 17 වැනිදා දක්වා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් රාජකීය පවුල සති දෙකක ශෝක කාලයක් පිළිපදිනු ඇත. 

ලන්ඩන් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

අවසන් කටයුතු ලබන සෙනසුරාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site