IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අවසන් අපේක්ෂකයන් දෙදෙනා රිෂී සුනාක්-ලිස් ට්‍රස්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් පැවැත්වෙන සටනේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත් වීමට, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ ඇමැති) ලිස් ට්‍රස් සමත් වූහ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

බොරිස් ජොන්සන්, කොන්සවර්ටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ කොන්සවර්ටිව් පක්ෂය නව නායකයකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඇරැඹුවේ මීට සති කීපයකට පෙරය.

රිෂී සුනාක්, ලිස් ට්‍රස් ඇතුළු පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් පක්ෂ නායකත්ව සටනට අවතීර්ණ වූහ. ඒ අනුව ඡන්ද විමසුම් කීපයක් පැවැත්විණි. අඩුම ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් අපේක්ෂකයා සටනින් ඉවත් වීම සිදුවිය.

ඒ අනුව,  අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත් වූයේ 42 හැවිරිදි රිෂී සුනාක් සහ 46 හැවිරිදි ලිස් ට්‍රස් ය. බ්‍රිතාන්‍ය දේශපාලඥයන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා අතරින් ද වැඩි වාසි ඇත්තේ රිෂී සුනාක් සතුව බවය. රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුට පක්ෂ නායකත්වයට හිමි වී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත්, පළමු බ්‍රිතාන්‍ය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ සුනාක් ය.

අග්‍රාමාත්‍ය ධුරයේ සිටි බොරිස් ජොන්සන් ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදුවූයේ‘කොන්සවර්ටිව්’ පක්ෂය තුළින් ඔහුට එල්ල වුණු දැඩි අප්‍රසාදය සහ විරෝධයක් හේතුවෙනි.

විරෝධය සහ අප්‍රසාදය එල්ල වූයේ ජොන්සන්, කොවිඩ් නීති උල්ලංඝනය සහ ලිංගික චෝදනා එල්ල වුණු මන්ත්රී වරයකුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමීමය. නව පක්ෂ නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා ගන්නා තුරු වැඩබලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ ජොන්සන්ය.

පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීම සිදුවෙද්දී, ඡන්දය ප්‍රකාශ කරන්නේ, කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් සහ නියෝජිකතයන් පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන් ගණන 356 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අවසන් අපේක්ෂකයන් දෙදෙනා රිෂී සුනාක්-ලිස් ට්‍රස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site