IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


අවශ්‍ය වුණොත් හමුදා සහාය දෙනවා

ෆින්ලන්තයට සහ ස්වීඩනයට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය සුදානම් බව පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසයි.

ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ෆින්ලන්තය සහ ස්වීඩනය තම සාමාජික අයදුම් පත්‍රයට නේටෝ සංවිධානයේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටී.රුසියාවේ අනතුරු ඇඟවීම් නොතකා ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර තිබේ.

රුසියාව, ෆින්ලන්තය සහ ස්වීඩනය  නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් සේ සලකයි.

නේටෝ සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත වුවහොත් තම රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවට රුසියාව ප්‍රතිඥා දී ඇත.

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවාද නැද්ද තීරණය කිරීම රුසියාවට අයිති කාර්යයක් නොවන බව ඇමෙරිකාව පවසයි.බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී "ෆින්ලන්තයේ සහ ස්වීඩනයේ හමුදා සතුව නවීන තාක්ෂණය තිබෙනවා.අපිට වැඩ කරන්න ලේසියි. රුසියාව පහර දෙයි කියල උපකල්පනය කරන්න හොඳ නැහැ.ඒත් අවශ්‍ය වුවහොත් ඇමෙරිකාව මේ රටවල් දෙකට මගේ අදහසට අනූවනම් හමුදා සහාය ලබා දේවි"යැයි පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේය.



අදහස් (0)

අවශ්‍ය වුණොත් හමුදා සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 652 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site