චීනයේ ෂැන්ග්හයි නගරයේ චෙන් - යි චතුරස්‍රයට අලූත් අවුරුදු සැමරුම සදහා එක්වූ ලක්ෂ 3 කට ආසන්න ජනතාව අතර තෙරැපී 36 දෙනෙක් මියගොස් 47 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අලූත් අවුරුදු උදාව සනිටුහන් කිරීමට චතුරස්‍රයේ සවිකර තිබූ විසල් ඔරලෝසුවක් දෙස බලා සිටි ජනකාය එක්වනම අසළ ගොඩනැගිල්ලකින් වැටෙන්නට ගත් මුදල් නොට්ටු වැනි කොළ සමූහයක් දැක කලබල වූ බවත් ඒවා අසුලා ගන්නට සියලූදෙනා පොරකෑමේදී මෙම තෙරපුම ඇතිවූ බවත් සිද්ධිය දුටුවෝ කියති.

විනාඩි ගණනක් තිස්සේ පැවති තෙරපුම ක්‍රමයෙන් පහව යෑමෙන් පසු පුද්ගලයින් පිරිසක් මියගොස් සිටිනුත් තවත් පිරිසක් තුවාල ලබා සිටිනුත් පෙනී ගොස් තිබේ.

ගොඩනැගිල්ලෙන් වැටුණු බව කියන කොළ පරීක්ෂා කිරීමේදී ඒවා මුදල් නෝට්ටු නොව එම ගොඩනැගිල්ලේ තිබෙන සමාජ ශාලාවකින් මුදල් නෝට්ටු ලෙස වර්ණ ගන්වා සකස් කර තිබුණු අලූත් අවුරුදු සුභපැතුම්පත් සමූහයක් බව හෙළිවූයේ යැයි පොලිසිය කියයි. රාත්‍රියේ මේ කිසිවක් හදුනාගත නොහැකි හෙයින් රැස්ව සිටියෝ මෙම කොළ කැබලි ඇත්ත මුදල් යැයි සිතන්නට ඇතැයිද ඒවා රැස්කරගන්නට ගත් උත්සාහයේදී මෙම තෙරපුම ඇතිවන්නට ඇතැයිද පොලිසියේ අදහසයි.

පසුගිය වසරේද මෙලෙසම තදබදයක් ඇතිවුණු අතර එනිසා චීන රජයේ නියෝගයෙන් චතුරස්‍රයේ සවිකර තිබූ ඔරලෝසුව ගලවා ඉවත් කැරුණි.නමුත් මෙවර පෙර වසරේ අනතුර ගණන් නොගත් පුද්ගලයෙකු තමාගේ සිතැඟි අනුව චතුරස්‍රයේ ඔරලෝසුවක් සවිකර ඇති බව අනාවරණයව තිබේ.

මේ සියලූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට චීන ජනපති ෂී ජින්පින්ග් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ලෝකයේ දෙවන විශාලම ආර්ථීකයට හිමිකම් කීවත් මානව හා සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් චීනය තවමත් සිටින්නේ පසුපසින් බව එරට නිල පුවත් සේවය වන ෂින්හුවා පුවත් සේවය මෙම සිදුවීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

245C238200000578-2892994-image-a-25_1420141222038 2459BCCB00000578-2892994-image-a-44_1420061536365 2459BD2700000578-2892994-image-a-43_1420061521749 2459C0E700000578-2892994-image-a-50_1420062028410