2008 වසරෙන් පසු උපන්න කිසිවෙකුට, ඔවුන්ගේ ජීවිතකාලය තුළදී දුම්වැටි (සිගරට්) හෝ දුම්වැටි නිෂ්පාදන හෝ මිලදී ගැනීම තහනම් කිරීමේ නව නීති හදුන්වා දීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත.
2008 වසරෙන් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන 2022 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.
නව නීතිය යටතේ වයස අවුරුදු 14 හෝ ඊට අඩු කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කෙරෙන අතර එම වයස් කාණ්ඩයට දුම්වැටි අලෙවි කිරීමද අලෙවි සමාගම්වලට තහනම් වන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමැතිනී වෛද්‍ය අයේෂා වෙරාල් පවසා ඇත.
තරුණ ජනගහනය දුම්පානයට යොමු වීම වැළැක්වීම සඳහා මෙම නව නීතිය ගෙන එන බවත්, මේ වනවිට සියයට 13ක්ව පවතින නවසීලන්තයේ දුම්පානයට ඇබ්බැහි වී සිටින වැඩිහිටි ජනගහනයේ ප‍්‍රතිශතය වසර 2025 වන විට සියයට 5ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් පවසා ඇත.
වෙලින්ටන්හිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු 14 ට අඩු නම් දුම් බොන්න බෑ: මිලදී ගන්න බෑ