රටට නායකත්වය දීමට විපක්ෂ නායිකා අවුන් සාන් සුකීට තම සහාය ලබාදෙන බව මියන්මාරයේ හමුදා පාලකවරය පවසයි. හිටපු හමුදා ප්‍රානී තාන් ශ්වේ සහ අවුන් සාන් සුකී අතර පැවති සාකච්ඡාවකින් පසු තාන් ශ්වේගේ මුණුබුරා මේ බව මාධ්‍යයට පවසා ඇත.
අවුන් සාන් සුකි වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටියේ හිටපු හමුදා පාලනක තාන් ශ්වේ විසින් දුන් නියෝගයක් හේතුවෙනි. නමුත් මේ සාකච්ඡාවේ දී ඇය මියන්මාරයේ අනාගත නායිකාව ලෙස ඔහු විසින් ම හඳුන්වාදුන් බව මුනුබුරා පවසයි. .
2011 පටන් මියන්මාරයේ පාලනය හිමි කර ගෙන සිටියේ හමුදා සහාය ලබන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය යි. ඔක්තෝබර් මාසයේ පැවති මියන්මාර මහා මැතිවරණයෙන් අවුන් සාන් සුකිගේ පක්ෂය ජයග්‍රහණය කළේය. ඇගේ පක්ෂය ජය ගත්තට රටේ ඇති ව්‍යවස්ථාවට අනුව ජනාධිපති පදවියට පත්වීමට ඇයට හැකියාවක් නොලැබිණි.
අවුන් සාන්ගේ මියගිය සැමියා හා පුතුන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ පුරවැසියෝය. මියන්මාරයේ ව්‍යවස්ථාව අනුව යම් අයකුගේ පවුලේ සාමාජිකයකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් එය මියන්මාරයේ ජනාධිපති පදවියට පත්වීමට නුසුදුසු කමකි. මේ හේතුවෙන් අවුන් සාන්ට එම ධූරයට පත්වීමට නොහැකි වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරියපාල හේවගේ මහත්තයාගේ කතාවෙන් මට යමක් තේරුණා. (නි)
මියන්මාරය බටහිර රටවල උගුල් වලට අහුවෙන්නේ නැහැ කියන්න බැහැ නමුත් එහෙම අහුවෙන්නේ බේරෙන්න බැරිම තැනක දී පමණි (බ)
ඔය නිතිය හැදුවේ හමුදා පාලකයෝ. කවදා හරි අවුන් සාන් බලයට එයි කියල, (ම)
නීතිය හොඳයි. මියන්මාරය අපේ රට වගේ නෙමෙයි. ඔවුන් තමන්ගේ රට රැකගැනීමට උනන්දුවෙනවා. (නි)
ඡන්දය තියන්න කියලා හමුදාවට බලකළේ ඔබාමා සහ ඕස්ට්‍රේලියා රජය. හැමදේටම බටහිරට බනින්න එපා (නි)