අයිඑස් අන්තවාදී සංවිධානයේ නායක අබු බකාර් අල් බගාඩි ඇමරිකා ගුවන් ප‍්‍රහාරයකට හසුව බරපතල තුවාල ලබා ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින බව ඉරාක මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට බගාඩි ගමන් කරමින් සිටි රථ පෙළට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයකින් ඔහු මෙසේ තුවාල ලබා තිබෙන අතර ඔහුගේ සගයින් ඔහු මියගොස් ඇතිබව සිතා ඇතත් පණ තිබෙන බව දැක වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඔහුව රැගෙන ගොස් තිබේ.
ගුවන් ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ සිරියා දේශසීමාවට ආසන්නව පිහිටි අල් බාජ් දිස්ති‍්‍රක්කයේදීය. අල් බාජ් අයිඑස් පාලනය යටතේ පැවතෙන ප‍්‍රදේශයක් ලෙස සැළකෙන්නකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමරිකා ආරක්ෂක නිළධාරීන් එසේ ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ බවත්,එයින් රථ පෙළකට හානි සිදුවූ බවත් තහවුරු කර ඇතත් එම රථ පෙළෙහි බගාඩි සිටියේදැයි ස්ථීරවම නොදන්නා බව පවසා තිබේ.
යුධ විශේෂඥයින් පවසන්නේ බගාඩි සැබෑවටම තුවාළ ලබා ඇතත් එය අයිඑස් සංවිධානයේ වැටීමට හේතුවක් වනු ඇතැයි සිතිය නොහැකි බවය. බගාඩි වෙනුවට වෙනත් පුද්ගලයෙකු පැමිණ අයිඑස් සංවිධානය මෙහෙයවනු ඇති හෙයින් බගාඩි බරපතල තත්ත්වයේ පසුවෙතැයි උදම් අනමින් නොසිට අයිඑස් සංවිධානය මර්දනය කිරීමට ඉදිරි මෙහෙයුම් සැළසුම් කිරීම වැදගත් බව ඔවුන්ගේ අදහසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අදහස් දාලා තියෙන අයගෙන් බහුතරය ඌරු මස් කන අය (ස)
ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල ඕනෑ එපාකම් වලට නොදියුණු රටවල් බිල්ලට ගන්නා බව නොදන්නා අය ගැන බොහොම කණගාටුයි (නි)
.... සිතෙන් සිතක රඳනා කොපගිනි ... උනුන් දවාලන අයුරු දකින්නට.... මුවින් මුවග ගලනා නාග විෂ උනුන් දවාලන අසිරි බලන්නට.... !(ම)
සිරිමල්, දන්නේ නැතුව ඇති මේ අරාබියේ ඉන්නඅය තෙල් ටික පොළවෙන් උඩට ගන්න හැටි ඇමරිකාව හා යුරෝපීය රටවල් උගන්වපු. නැත්නම් මේ මිනිස්සු තාමත් ඔටුවා පිට බඩ ගානවා. (ර)
නිමල්ගේ අදහසට මමත් එකඟයි. නිමල් අහල තියෙන දේට ඉන්දිකාට පිළිතුරක් දීමට හැකියාවක් ඇත්නම් මේ තිරුවෙන්ම අදහස් දැනගැනීමට කැමැත්තෙන් ඉන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙන දේ ඉන්දිකා නමින් පෙනී සිටින අයට නොතේරෙන එක ගැන හිතාගන්න පුළුවන්. (ර)
ඉන්දිකා, ඔයත් බෙලි කපන අයට හුරේ දාන කෙනෙක් වගේ. (ර)
ඉන්දිකා, සිරිමල් ඔය දෙන්නත් මේ ආගමික ගෝත්‍රිකයන්ගෙන් එන කට්ටිය වගේ. (ර)
මේ කියමන සදාකාලයටම පොදුයි (නි)
සුමිත් ලංකාවේ දහමක් ඉතුරුවෙලා තියෙන තැනක් පෙන්වන්න පුලුවන් නම්.? (ර)
හරි දේ පිළිගන්න මිනිසුන්ට බැරිවුණාට, බුදුදහමේ පන්සිල් රැක්කත් ඇති ලෝකයේ පැවැත්මට.දහම රැකීම මිනිසුන්ගේ වගකීමක්. (නි)
මේ ප්‍රශ්න අවසන්වෙන්නෙ කවදාද කියලයි අපි බලාගෙන ඉන්නේ (නි)
අරාබි ජාතිකයෝ බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන, අන්තවාදී, යුධවාදී ජනතාවක්.. ඇමරිකාවට පින්සිද්ධ වෙන්න තමා ඔය සවුදි, කුවේට්, කටාර්, ඩුබායි, බහරේන්, ඕමාන්, ජෝර්දාන් වගේ රටවල් මේතරම් හෝ ස්ථායීව තියෙන්නේ... ලංකාවේ උනත් මානව හිමිකම් රකින්න බලපෑම් කරන්නේ ඇමරිකාවයි. (ස) හැබැයි ලංකාවේ අනුවන මිනිස්සු තවම ඇමරිකාවටයි සුද්දටයි බනිනව..
අරාබි වසන්තය තුළින් ඔය කියන සියලුම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහි කළේ ඔයාල කියන සුන්දර ඇමරිකාව තමයි. අරාබි රටවල තිබුන ඇමරිකාවට දන නොනැමූ අාන්ඩු පෙරලීමට බිහිකළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් අද ඇමරිකාවටම හිසරදයක් වීම ගැන කියන්න තියෙන්නේ " දිට්ටදම්මවේදනීය කර්මය පටිසන් දෙනවා කියල තමයි....." (බ)
බැග්ඩෑඩි ත්‍රස්තවාදියෙක් නෙමෙයි. මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා සටන් වැදීම වරදක්ද ? (බ)
නිපුන් කොහොමද මේ සංවිධාන පටන්ගත්තේ කවුද මෙයාලට මෙහෙම නැගිටින්න උදව් කලේ කියලා අතීතය ගැන මේ සම්බන්ද තිබෙන ලිපි කියෙව්වොත් ඔයාගේ ඔලුගෙඩියට හොඳ දැනුමක් ලැබේ . (ස)
මුස්ලිම් අන්තවාදය අරාබියේ තියෙන්නේ 70 දශකයේ ඉදලා.. ලීල් ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙනගන්න.. ඉංග්‍රීසියෙන් ලෝක ඉතිහාසය ගැන පලවෙන පතපොත කියවන්න... ලංකාවේ පත්තරවලින් විතරක් ලෝකය දකින්න හදන්න එපා.. අරාබි වසන්තය කියන එක අරාබියේ ඒකාධිපති පාලකයින්ට එරෙහිව ඒ රටවල තරුණයින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා පටන් ගත්ත කැරැල්ලක්..ගඩාෆි වගේ පාලකයින් මිනී මරනකොට ඇමරිකාව ඊට විරුද්ධ වෙලා විරුද්ධ පක්ෂවලට උපකාර කලා.. අවසානයේ ටියුනීසියාව, ඊජිප්තුව වගේ රටවල ඒක තරමක් දුරට සාර්ථක වුනා..ඒ රටවල් දූෂිත පාලකයින් එලෙව්වා, නැතිනම් සිරගත කලා. නමුත් සිරියාව, ලිබියාව වගේ රටවල ජිහාඩ් අන්තවාදී කන්ඩායම් බලවත් නිසා තවම මිනීමරාගන්නවා. (ස)
ඇමරිකාව නැත්නම් මේ වගේ මිනීමරන ආගමික නිකායන් මේ මුළු ලෝකෙටම ගිනි තියනවා! (බ)
අනේ මේ කෝ අර ඊශ්‍රායලයට විරුද්දධව පලස්තිනෙට ජයවේවා කියපු කට්ටිය? (ස)
ඉන්දික ඔව් ඇත්ත දිහා බැලුවම පේනවා ලංකාවට කෝච්චිය ගෙනාවේ සුද්දා පාරවල් හැදුවේ සුද්දා අනිත් කරනේ සුද්දා අපිට කරපු වැරදි වලට වග කියන්න ඕනේ අපේ සිංහල මිනිස්සු හොදට බලන්න සිංහලයම තමයි රට පාවල දුන්නේ. ඒ නිසා බොරුවට සුද්දට බනින්න එපා ඉස්සල්ල අපේ මෝඩ සිංහල හැත්තට බනින්න. (බ)
නාමල්...ඔය කියවල තියෙන ඉංග්‍රීසි පොතේ ලියල තියනවද 70 දසකයේ ඉස්ලාම් අන්තවාදය කවුද පටන්ගතේ මොකටද පටන්ගත්තෙ කියල....ඇෆ්ගනිස්ථානය ඇතුළු සමහරක් රටවල් ආක්‍රමණය කරන්න රුසියාව උනන්දු වූ නිසා තමයි ඇමරිකාව බින්ලාඩන්ලව හැදුවේ....අන්තිමට මොකද උනේ ? බින්ලාඩන්ලම ඇමරිකාවට ගහල දැම්ම...මොකද උන්ට තේරුණා ඇමරිකාව උන්ගේ රීරි මාංශයම උරණව කියල....(ස)
ඉන්දිකා (ඔයා මුස්ලිම් කෙනෙක් කියලා පැහදිල්යි), මොකා මේක පටන් ගත්තත් බෙල්ල කපන්නේ කාගේ නම කියලද? අන්න ඒකයි ගැටලුව! ආගමක් කියන්නේ ඔලුගෙඩි ගාන වැඩි කරගන්න මිනී මරන්න එතකොට ස්වර්ගෙදී කන්‍යාවියො ලැබෙනවා කියලා උගන්වන එකකටද? ඔක්කොටම කලින් එහෙම ඒවා උගන්නන, ඒවා පිලිගන්න ජාතියෙ ඔලුවල මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ඊට වඩා නරක ද? (බ)
ලීල් මොනවගේ කෙනෙක්ද මන්දා? (නි)
කවුරු හෝ වේවා මට නම් ඕනේ මේ මිනිස්සුන්ගෙ බෙලි කපන නරුම කාලකණ්නින්ව මේ ලෝකෙන් නැති කරලා දානවා දකින්නයි. (ස)
ඕක දැන් විගඩමක් වෙලා නිකන් මාධ්‍ය වින්දනයක් පමණයි. (ස)
වඩා බිහිසුන දෙය පරාජය කළ යුතුය (බ)
අයිඑස් අන්තවාදීන් සියල්ලම නැසිය යුතුය. (ස)
සෙනරත් බණ්ඩාර,නිමල්...කිසියම් පාර්ශවයකගේ අවශ්‍යතාවට අනුව බුද්ධ ධර්මය විකෘති කිරීමේ අරමුණු ඇතුව කිසියම් අන්තවාදී සංවිධානයක් බිහි කර මෙය තමයි සත්‍ය බුද්ධ ධර්මය කියලා ලෝකයට පෙන්වන්න උත්සාහ කරනදාට ඔයාලට තේරේවි සත්‍ය. මම මෙහෙම කිව්ව එක ගැන ඔයාලට දුක ඇති. එසේම විය යුතුයි කියලා බලාපොරොත්තුවෙන් මම මේක කිව්වේ නෑ. වෙන තේරුම් කරන්න විදියක් නැති නිසා කිව්වේ.මොකද මම සියලු ආගම වලට ගරු කරන්නෙක්. (ස)
මෙම මිලේච්ඡයින්ගෙ නියම නම ඉස්ලාමීය රාජ්‍ය (කල්ලිය ) අයි එස් කල්ලිය මොවුන් ඊශ්‍රායෙලයට පහර දුනහොත්, 01 මසක් ඇතුළත ඊශ්‍රායෙල් කාරයා මොවුන්ව යම රජ්ජුරුරුවන් ලඟට යවනවා. ඉස්ලාම් රාජ්‍ය කල්ලිය වැනසේවා ! ඇමරිකාවට ජය වේවා!! යුදෙව්වන්ට ජයවේවා! (ස)
අපේ අයගේ අදහස් වලට ස්තුතියි. එ්ත් මෙයාලා වැරදි ගොඩක් කරන බව අපේ ඇස් වලටම පෙනෙනවා. (ස)
නුගේගොඩ රැලිය 30 දා.. බොධිපූජාව 4 දා.. ඔබත් එක්වන්න..(අ)
මුස්ලිම් ආගමින් ඉස්මතුවෙලා තියෙන කරුණු දෙක නම් මුස්ලිම් නොවන මිනිසුන් ඝාතනය කිරීම හා ගැහැණුන්ව දූෂණය කිරීම (බ)
සිරිමල් ඔයා තනමල් විලද? එතකොට මේලෝකේ වෙන විනාශ වලට ඔයාද මැදිහත් වෙන්නේ? දන්නැති දේ නොකිය ඉන්න කොලුවෝ. අැමරිකාවේ හෝ යුරෝපයේ මොන වැරදි තිබ්බත් අද අපේ රටවල් තියෙන්නේ උන් නිසා.නැත්නම් ලංකාවේ මහන ඇඳුම්,ලංකාවේ තේ ටික සිරිමල්ට තමා ගන්න වෙන්නේ. (ස)
සුද්දො දුන්න දෙයක් තිබුන තමයි. හැබැයි අපේ ස්ත්‍රීන් දූෂණය කරමින් පොඩි ළමයි බයිනෙත්තු වල අමුනමින් කරපුව අමතක ද? ඒවා කෝච්චි, පාරවල් දුන්නයි කියලා අමතක කරන්න ඕන ද? එහෙනම් ප්‍රභාහකරන් හාල්මිටියක් දුන්නනම් ඒකත් කලා නේද කියයි නෙ. අන් දේවල් වලට ආශාවෙන් ඒවා උදුරමින් යුද්ධ කරන හැමෝම වැරදි මොනව හැදුවත්, මොනව දුන්නත්, (ස)
ඇමෙරිකාව නැත්නම් මුළු ලෝකෙම මොවුන් යටතට ගන්නවා. (නි)
මමත් ඔය කලාපයේ අවුරුදු 12ක් වැඩකළා. ඒගොල්ලො හැම නරක වැඩක්ම කරනවා. (නි)
යම් ආගමකින් සතුන් මැරීම (මිනිසාද සමග) අනුමත කරනවා නම් . එම ආගමෙන් ගත යුතු දෙයේ නැ. එවැනි ආගමක මුස්ලිම් ආගම. එය පිළිගන්නා අය. ස්වබාව දහමින් වැනසේවි (බ)
කොහොම වෙතත් මිලෙච්චත්වය මගින් සිදුවෙන්නේ අයහපත් මේ දේවල් ඉවත් කරන එක තමා වඩාත් හොද මන්ද ගත යුතු දෑ අබ මල් රේණුවක් වත් නැති තරම්...(ම)