IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලියා තුඹසට නැග සියඹලා කඩයි

සැම්බියාවේ ලූආන්ග්වා ජාතික වනෝද්‍යානයේ ඇතෙක් සියඹලා ගසකට නැග්ගේය.

ගස පසෙකින් තිබූ විශාල තුඹසකට ගොඩවූ ඇතා ප්‍රවේසමින් ගසේ අත්තකට ගොඩ විය.

අනතුරුව හොඩවැල ඒ මේ අත දිගුකරමින් සියඹලා රස විදින්නට විය.

මේ සියල්ල වනජීවී ඡායාරූප ශිල්පී බ්‍රයන් ජැක්සන්ගේ කැමරාවේ සටහන් විය.

ජැක්සන්ට අනුව වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් සියඹලා කෑමේ රුසියෝය.ගසින් ගස සොයා යන ඔවුන් පෙර පාද ඔසවාගෙන පසු පාද වලින් සිටගනිමින් හොඩවැලද යොදාගෙන සියඹලා ගස් ‘සුද්ධ‘ කරන බව ඔහු කියයි.

ගස් අතු වලට ගොඩවීමට ඇතැමුන් උත්සාහ කරන බවත් බොහෝ අවස්ථාවන්හි සිදුවන්නේ ගසද පෙරළාගෙන ඔවුන් බිමට වැටීම බවත් ඔහු පවසයි.

මේ ඇතාට නම් ආපදාවකින් තොරවම ගසේ අත්තටම ගොඩවී සියඹලා රස බැලීමේ අවස්ථාව ලැබී ඇති සෙයකි.



අදහස් (0)

අලියා තුඹසට නැග සියඹලා කඩයි

පිටබැද්දර ජයා Friday, 09 May 2014 03:57 AM

අලියත් පිස්සුනේ නටන්නේ.අත්තත් කඩාගෙන, අතපයකුත් කඩාගෙන, රෝහලෙන් නවතින වැඩක් ඕක නම් (නි)

:       0       0

විජේසේකර Saturday, 10 May 2014 06:07 AM

සිතුමිණිටත් එහෙම හිතිලා තියෙනවද? (නි)

:       0       0

අරුණ Friday, 09 May 2014 07:01 AM

මුන්ට හරියට බඩ පිරෙන්න කන්න දෙන්නේ නැහැනේ. ඒකයි ඕවට ඉබේම ඇබ්බැහි වෙන්නේ (නි)

:       0       0

තිලා Friday, 09 May 2014 08:05 AM

මිනිස්සු අච්චාරු, කඩල, මුරුක්කු වගේ දේවල් කන්නේ කන්න නැති නිසා නෙවෙයි නේ.(නදී)

:       0       0

නදී Friday, 09 May 2014 08:09 AM

අලියටත් ජොලියක් හිතෙන්න ඇති.(නදී)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 04:26 PM

සැම්බියාවෙ අලි සියඹල කනව .ලංකාවෙ අලි කළු කෝපි බොනව​. (අ)

:       0       0

රාණා Friday, 09 May 2014 08:28 AM

මෙහෙ ඉන්න අලින්ට නම් ගස් නගින්න තියා පයින් යන්නත් බැහැ. එකමුතුකම සහ දැනමුතු කම නැතිව වලවල් වළමයි වැටෙන්නේ. (නදී)

:       0       0

ගුණවර්ධන Friday, 09 May 2014 11:41 PM

බිම ඉන්න අලි කියන වලු පිස්සු නටන්න එපා ලංකාවේ ඉන්න අලිත් පිස්සුම තමයි නටන්නේ කියල .(ස)

:       0       0

සිතුමිණි Saturday, 10 May 2014 06:14 PM

අනේ විජේසේකර, මගේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දි මමත් එහෙමයි. දැන් දෙවෙනි බබා ලැබෙන්න ඉන්නේ. මට අඹ කන්න ආසයි. මේ රටේ අඹ නැහැනේ. මට ටිකක් හොයලා එවනවද ලංකාවෙන්? (ස)

:       0       0

අයි.කේ.එස්. චන්ද්‍රසිරි Friday, 09 May 2014 09:52 AM

අලියොත් එක්ක බැහැ. (ස)

:       0       0

පී. Friday, 09 May 2014 05:15 PM

උද්ඝෝෂණය කරනවා වෙන්න ඇති. (නි)

:       0       0

සිතාරි Saturday, 10 May 2014 09:40 AM

හරිම ලස්සන දර්ශනයක් ...!! (ස)

:       0       0

ධනුෂ්ක Friday, 09 May 2014 10:25 AM

අනේ අපේ රටේ වන අලි සම්පත රැකගන්න කවුරුවත් නැද්ද?? අහිංසක අලිට කරදර කරන අයට වන්දි ගෙවන්න වේවි.(ස)

:       0       0

විජේසේකර Saturday, 10 May 2014 07:03 PM

මරු (ස)

:       0       0

රූපවතී Friday, 09 May 2014 11:03 AM

අනේ පව් අසරණයා. ගහ පල්ලේ නම් වැටෙන්න එපා. අපිටත් දුක හිතෙයි. අපේ රටේ වන අලි ටික ගැන හැමදාම අපි අහන්නේ හද කම්පා කරන දේවල්මයි..? (ස)

:       0       0

දම් Friday, 09 May 2014 11:10 AM

අරුණ, කන්න නැතිකමට නෙමෙයි. අලි ආසයි ඇඹුල් ජාති කන්න. ඒකයි... (ස)

:       0       0

රත්නසිරි Saturday, 10 May 2014 11:39 AM

"අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්" . (ස)

:       0       0

සිසිර Saturday, 10 May 2014 09:51 PM

විජේ බලාගෙනයි අලි කතාවකට ගිහින් අලි වැඩක් වෙයි. (ස)

:       0       0

සිතුමිණි Saturday, 10 May 2014 04:07 AM

මේ ඇතින්නියක් වෙන්න ඇති. පැටියෙක් හම්බවෙන්න නිසා ඇඹුල් කන්න ආසා හිතෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site