තායිලන්තයේ කවු යායි ජාතික වනෝද්‍යානයේ දිය ඇල්ලකට වැටුණු අලි පැටවකු බේරාගැනීමට ගිය අලි හය දෙනෙකු එහි වැටී මිය ගොස් ඇත.
තවත් අලි දෙදෙනෙකු එහි බෑවුමක කලබලයෙන් සැරිසරමින් සිටි බවත්, වනෝද්‍යානයේ නිලධාරීන් ඔවුන්ව වනයට එළවා දැමූ බවත් වාර්තා වේ.
හීව් නරෝක් නම් වන මෙම දියඇල්ල අපායේ ඇල්ල ලෙසින් තායිවැසියෝ හදුන්වති. මෙවැනි සිදුවීම් රැසක් මෙම දියඇල්ල හේතුවෙන් මින් පෙරද සිදුව ඇත. 1992දී දියඇල්ලට වැටුණු අලි 8ක් මිය ගියහ.
අලි රංචුවක් දියඇල්ලේ ජලය ගලන මාර්ගයේ බාධකයක් නිර්මාණය වන සේ පේළියට සිටින බව වනෝද්‍යාන නිලධාරීන්ට ආරංචි වී ඇති අතර, පසුව අවුරුදු 3ක පමණ අලි පැටවකුගේ මළ සිරුරක්ද, තවත් අලි පස්දෙනෙකුගේ සිරුරුද පාවෙමින් තිබියදී සොයාගැනිනි.
තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු සොයමින් පවතින බවද බලධාරීහු පැවසූහ.
ශෝකය පළකිරීමේ සංඥා සන්නිවේදනය කරන සත්වයකු ලෙස අලි හැදින්වේ.
(බීබීසී ඇසුරිනි)
(16844)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd