
මැයි මාසයෙන් පසු, උණ රෝගීන් කිසිවකු වාර්තා වී නැතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව 'උණ රෝගීන්' ලෙස හඳුන්වා දෙන්නේ 'කොවිඩ් 19' කොරෝනා රෝගීන්ය.
උතුරු කොරියා සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය අද (30) වාර්තා කළේ ගත වුණු පැය 24 ඇතුළත කිසිදු උණ රෝගියකු වාර්තා නොවුණු බවය. ඒ අනුව, 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය අවසන් බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.
උණ රෝගීන් ලෙස මිලියන 4.8 ක් හඳුනා ගැණුනු අතර, එයින් සියයට 99.99 ක් පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි. මරණ වාර්තා වී ඇත්තේ 74 ක් පමණි.
උතුරු කොරියාවේ ජනගහනය මිලියන 26 කි. 'කොවිඩ් 19' වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, 2020 වනවිට එය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමා වසා දැම්මේය. ඒ අනුව, මෙම වසරේ ජනවාරිය වනතුරු 'කොවිඩ් 19' ආසාදිතයකු උතුරු කොරියාවෙන් වාර්තා නොවිණි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබුණි.
කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ උතුරු කොරියාව පුරා 'උණ රෝගයක්' ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. අප්‍රේල් මාසය වනවිට එම 'උණ රෝගය', 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' බව තහවුරු විය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුතින් උණ රෝගීන් වාර්තා වීමක් නෑ