ඇමරිකා ජනපතිවරණ සටන සම්බන්ධයෙන් ඒ.බී.සී සහ වොෂින්ටන් පෝස්ට් ආයතන පැවැත්වූ නවතම සමීක්ෂණයකින් මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සමීක්ෂණය මගින් තහවුරු වී ඇත්තේ හිලරි ක්ලින්ටන්ට 50%ක ජනප්‍රියත්වයක් හිමිව ඇති බවයි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා සිටින්නේ 38%ක ජනප්‍රියත්වයක් බවද එම සමීක්ෂණ වාර්තා තහවුරු කරයි.

මේ අතර පසුගියදා ට්‍රම්ප් සිය දින සියයේ වැඩපිළිවෙළක් ද ප්‍රකාශයට පත් කළේය.