අලුතෙන් සොයා ගන්නා රෝගවලට නම් තැබීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වාදී ඇත. එම සංවිධානය පෙන්වාදෙන්නේ සමාජය විසින් පිළිගත හැකි, මිනිසුන්ගේ හා යම් යම් රවටල පිළිකුලට භාජනය නොවන සහ සත්ත්වයන්ගේ නම් එම රෝග හැඳින්වීම සඳහා නොයෙදිය යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ලොව පුරා විද්‍යාඥයන් හා මාධ්‍ය දැනුම්වත් කිරීම සිදුකැර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යම් රෝග සඳහා ඇතැම් රටවල නම් යොදාගෙන ඇති බවයි. ‘‘මැදපෙරදිග ස්වසන ආබාධය“ “ස්පාඤ්ඤ උණ“ වැනි නම් මේ සඳහා උදාහරණ වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ මෙවැනි නම් වෙනුවට වෙනත් සරල නම් යෙදිය යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ හේතුවෙන් මිනිසාට වැලඳිය හැකි බවට සොයාගෙන ඇති අළුත් රොග තත්වයනට නම්තැබීම සඳහා වඩා හොඳ ප්‍රායෝගික ක්‍රම කිපයක් ලැයිස්තුගත කර තිබේ.
රෝගයන්ට දීර්ඝ නාම ලබා දීමේදී කිසියම් සංකේත නාමයන් ගැන සලකා බැලිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තම මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd