IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් කොවිඩ් වයිරස දෙකක්

මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

එයින් එකක්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබූ EG.5 - Eris උප ප්‍රභේදයයි.

අනෙක් උප ප්‍රභේදය BA.2.86 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.

BA.2.86 උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවෙන්, ඩෙන්මාර්කයෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී තිබේ.

ඇමෙරිකාවේ EG.5 - Eris උප ප්‍රභේදය ද ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එය ලොව පුරා ව්‍යාප්ත වූයේ 2020 වසරේදීය.

ගෝලීය වශයෙන් සිදුවුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරසයේ සැර බාල විය. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ උප ප්‍රභේදයයි.



අදහස් (2)

අලුත් කොවිඩ් වයිරස දෙකක්

Nalin Saturday, 19 August 2023 05:58 PM

එන්නත හොඳයි, ඒත් අතුරු විපාක තියෙනවා.

:       18       12

hesa Sunday, 20 August 2023 12:49 PM

හොඳ නම් කොහොමද ඒකෙන් පස්සේ අතුරු විපාක...? ලෙඩ්ඩු වැඩි උනා තිබුණු රෝග දෙතුන් ගුණයකින් වැඩිවෙලා... ලෝකයේම ජනතාව අසරණ වෙලා ඉන්නේ... ඒ එන්නත් ගත් අය දැන් පසු තැවෙනවා.. හොඳටම රැවටුණා... සෙම්ප්‍රතිශ්‍යාවට දුන්නා නමක් "කොරෝනා" කියලා... දැන් නම නැහැ... ඒත් සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site