අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයන්හි අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ අබ්දෙල්මාලෙක් ඩ්‍රක්ඩෙල් මාලි රාජ්‍යයේ මෙහෙයුමක් අතරතුර ඝාතනය කළ බව ප්‍රංශය පවසයි.
ප්‍රංශ ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි පැවසූයේ බදාදා (03), ඩ්‍රක්ඩෙල් සහ ඔහුගේ සංවිධානයේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් කිහිපදෙනකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කළ බවයි.
ප්‍රංශ හමුදා විසින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අණදෙන නිලධාරියෙකු මාලි රාජ්‍යයේ දී පසුගිය මැයි මාසයේ සිදුකරන ලද මෙහෙයුමක දී අල්ලා ගත් බවද ඇය පැවසුවාය.
ප්‍රංශ හමුදා විසින් සිදුකරන ලද ත්‍රාසජනක මෙහෙයුම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට දැඩි ප්‍රහාර ඒල්ල කර ඇති බවද ඇය පවසයි.
අබ්දෙල්මලික් ඩ්‍රක්ඩෙල් ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදාවන්ට ඒරෙහිව සටන් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ 2016 දී බර්කිනාෆාසෝ හි හෝටලයකට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 30 දෙනකු මියගොස් 150දෙනකු තුවාල ලැබූහ.
ඒම අපරාධ වලට වරදකරු වීමෙන් ඔහුට ඒරෙහිව ඇල්ජීරියාවේ අධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරිණ.
ඩ්‍රොක්ඩෙල් පුපුරණ දුව්‍ය සම්බන්ද විශේෂඥයෙකු වන අතර සිය ගනන් සිවිල් වැසියන් පොදු ස්ථාන වලදී මරා දැමූ උපකරණ නිපදවීමට ද දායක වූූ බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්කයිඩා නායකයෙකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කරයි
රවින් Sunday, 07 June 2020 08:45 AM
මෙහෙන් ඉගෙන ගන්නවත්දෝ?