IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


අල්කයිඩා නා ගනී

ලොවටම අඬබෙර ගසා පසුගියදා පිහිටැවු අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉන්දියා ශාඛාවේ සාමාජිකයෝ තමන් සිදුකළ පළමු මෙහෙයුමෙන්ම පරාජය වී ලොවම ඉදිරියේ විහිළුවක් බවට පත්ව ඇත.

සිදුවීමට පසුබිම සැකැසෙන්නේ නාවික යාත්‍රාවක් අත්පත් කර ගැනීමට සංවිධානයේ නායකයන් සකස් කළ සැළැසුමකිනි.

පකිස්තානයේ කරච්චි නුවර නැංගුරම් ලා ඇතැයි කියූ ඇමරිකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අත්පත් කර ගැනීමේ අරමුණින් ආයුධ සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයන් 10 දෙනෙක් පිටත් කර හැරීමට අල්කයිඩා සංවිධානයේ ඉන්දියා ත්‍රස්ත නායකයන් කටයුතු කර ඇත.

මෙහෙයුම පැවැරුණු සාමාජිකයන් දස දෙනාද කරච්චි නුවර නැව් තටාකාංගනයට ඇතුල්වී යාත්‍රාව තිබෙන්නේදැයි සොයාබැලීමේදී පසෙක නැංගුරම් ලා තිබූ යුද යාත්‍රාවක් ඔවුන්ගේ ඇස ගැටී ඇත.

තමන්ගේ ඉලක්කය එය යැයි සිතා යාත්‍රාව වෙත දිවගිය ඔවුන්ගේ අපේක්ෂාවන් කඩවී ඇත්තේ එය ඇමරිකාවට අයත් යාත්‍රාවක් නොව පකිස්තාන නාවික හමුදාවට අයත් සාමාන්‍ය යාත්‍රාවක් බව හදුනාගත් විටය.

ඒ වන විට පැන දීවීමට ප්‍රමාද වැඩිය.නාවික හමුදාවන්ගේ ප්‍රහාරයන්ට හසුව තිදෙනෙක් මරු දකිද්දී අනෙක් සත් දෙනා අත්අඩංගුවට පත්විය.

මේ සිදුවීමට ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබුණු අතර බොහෝ දෙනා ඉන්දියාවේද කලබල ඇති කරන්නේයැයි වහසි බස් දෙඩූ අල්කයිඩා නායකයින් සම්බන්ධයෙන් උපහාසාත්මක මුඛයෙන් අදහස් පළ කළහ.

සංවිධානය සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළේද දින කිහිපයක් ගතවූ පසුය.එම ප්‍රකාශයට අනුව ඔවුන් කරච්චි වරායේ නැංගුරම් ලා තිබුණේ ඇමරිකා යුධ නැවක් යැයි තවමත් සිතා සිටින සෙයක් පෙනුණි.

අයිඑස්අයිඑස් අන්තවාදීන්ගේ කූටප්‍රාප්තිය හමුවේ අල්කයිඩා සංවිධානයට යන එන මං නැතිව තිබෙන බව ආරක්ෂක විශේෂඥයින්ගේ මතයයි.ඇමරිකා හමුදා එහි නායක ඔසාමා බින් ලාඩින් මරා දැමූ පසු සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන අසන්නට ලැබුණු නැති තරම් වේ.

1410779814188_wps_9_FILES_In_this_still_image 1410779908186_wps_10_Fishing_boats_are_moored_



අදහස් (0)

අල්කයිඩා නා ගනී

කසුන් Tuesday, 16 September 2014 03:42 PM

කාටවත් බැරි වෙලා ද හරි යාත්‍රාව තෝරලා දෙන්න (අ)

:       0       0

කහ Tuesday, 16 September 2014 03:47 PM

අයියෝ විහින් නැගෙන්නේ කට්ටිය (අ)

:       0       0

සුමේදා Wednesday, 17 September 2014 06:14 AM

ඌරෝ කවද්ද මඩ නොකෑවේ. (නදී)

:       0       0

දුමිත Tuesday, 16 September 2014 04:59 PM

අර කලින් ලංකාවට ආපු හමුදාවම නේද ඉන්දීය හමුදාව කියන්නේෙ. (ස)

:       0       0

රන්දුනු Wednesday, 17 September 2014 06:51 AM

හේමන්ත අවුරුදු 1400 කට විතර ඉස්සර ඔය කියන බුද්ධිය නැවතුන කට්ටියක් තමයි මේක කරන්නේ.(නදී)

:       0       0

රුමේශ් Tuesday, 16 September 2014 07:58 PM

නියමයි. මොන රටේ මොන ජාතියේ වුණත් ත්‍රස්තවාදීන් පරාද වෙන්නම ඕනෑ. උන් මේ ලෝකෙටම පිළිලයක් (නි)

:       0       0

හේමන්ත Tuesday, 16 September 2014 08:29 PM

බුද්ධිමත් මිනිස්සු ම්ලේච්ඡ වැඩ කරන්නේ නැහැ (නි)

:       0       0

අනිල් Wednesday, 17 September 2014 08:27 AM

ලංකාවට ආවොත් නම් අල්කයිඩා සුනේ සුන් (අ)

:       0       0

තිලාන් Tuesday, 07 October 2014 07:35 AM

දැන්වත් අන්තවාදීන් තේරුම් ගත්තොත් හොඳයි තමන් මෝඩයෝ බව (නදී)

:       0       0

තිලාන් Tuesday, 07 October 2014 07:35 AM

මෙහෙමත් නරකාදී වරායක් (නදී)

:       0       0

කුමාර Tuesday, 16 September 2014 10:25 AM

මම නම් කතා කරන්න අකමැති මාතෘකාවක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 392 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1649 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site