IMG-LOGO

අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර

දකුණු ලිබියාවේදී අල්කයිඩා ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් එක්සත් ජනපදය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඊයේ රාත්‍රියේ (13) ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 900ක් දුරින් පිහිටි උබාරි නගරය අසලදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ෆෙයිසේස් අල් සාරාජ් මහතාගේ ප්‍රකාශකයෙක් පැවසුවේය. 
 
2011 වසරේදී නේටෝව පිටුබලය ලත් ඒකාධිපති පාලකයකු වූ  මෝමර් ගඩාෆි ඝාතනයෙන් පසු ලිබියාව ප්‍රචණ්ඩත්වයෙන් විනාශ වී ගියේය.
 
එක්සත් ජනපද හමුදා නිරන්තරයෙන්  ලිබියාවට  ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ගිය වර්ෂයේ අගෝස්තු මාසයේ එල්ල කළ ප්‍රහාරයකින්  ජිහාඩ්වාදීන් හිටපු ප්‍රාදේශීය  නායකයකු මිය ගියේය.
 
ජූනි මාසයේ දී අයි එස් අනුබද්ධ ආයතනයක සාමාජිකයින් සිව්දෙනෙකු ඝාතනය කර ඇති අතර මාර්තු මාසයේ දී ජ්‍යෙෂ්ඨ අල්කයිඩා මෙහෙයුම්කරුවෙක් සහ තවත් ජිහාඩ්වරයෙක් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව පෙන්ටගනය තහවුරු කළේය.
 
(63226)
 
ඒ එෆ් පී ඇසුරෙනි



අදහස් (2)

අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර

anura Thursday, 14 February 2019 06:33 AM

ගඩාපි එළවලා ඔය ත්‍රස්ත වාදීන්ට රට භාර කළේ එක්සත් ජනපදයයි. එදා හිලරි ක්ලින්ටන් ඇවිත් ලිබියානු ජාතිකයන්ට කිව්වේ අපි ඔයගොල්ලන්ව මුදවා ගත්තයි කියලයි. අද ලිබියාව අපායක්. එක්සත් ජනපදය අපේ රටටත් කළේ ඔය දේමයි. තව ටික කලකින් ලංකාවත් නූතන ලිබියාව තත්වයට පත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.

:       1       40

කෝලිත Thursday, 14 February 2019 07:41 AM

ගඩාෆි තනියෙන් හිඟන රටක් වෙලා තිබුණු ලිබියාව ලෝකයේ පෝසත් රටක් කළා... ලිබියන් තෙල් අරගන්න බටහිරයෝ කුමන්ත්‍රණ කරල‍ා ගඩාෆි මැරුවා... දැන් ලිබියාව ගොඩගන්න මොකෙකුටවත් බෑ... ලංකාවට කරන්න යන්නෙත් ඔය ටිකම තමයි..

:       1       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1549 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site