සුප්‍රකට හැරී පොටර් ලමා චිත්‍රපටයේ විකට චරිතයකට පණ පෙවූ ප්‍රවීන බ්‍රිතාන්‍ය නළුවකු වන ශ්‍රීමත් ජෝන් හාට් 77 වැනි වියේදී සිය දිවියෙන් සමු ගත්තේය. අගන්‍යාශයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි මෙම ප්‍රවීණ රංගධරයා ඔස්කාර් සම්මානලාභියෙකි.

‘අලි මිනිසා’ නමින් හැඳින්වූ ඔහු දශක හයකටත් වැඩි කාලයක් චිත්‍රපට 200 කට අධික ගණනකටත්, රූපවාහිනී වැඩසටහන් වලටත් සහභාගී වූ කැපි පෙනෙන චරිතාංග නළුවකු විය. අගන්‍යාශයේ පිළිකා රෝගී තත්වය හේතුවෙන් 2015 වසරේ සිට ඔහු ප්‍රතිකාර ලබාගත් බැව්ද වාර්තා වේ.
හාට් මහතා පිළිකා රෝගයෙන් මියයන්නට ප්‍රථම අවසන් වරට ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක් වන ‘ජැකී’ හි පූජකයකුගේ චරිතයකටද, ‘ද ලාස්ට් පැන්තර්ස්’ වැනි රූපවාහිනි වැඩසටහන් වලටද දායකත්වය දැක්වීය.
ඔහු රඟපෑ චිත්‍රපට අතර ‘ද එළිෆන්ට් මෑන්’ සහ ‘මිඞ්නයිට් එක්ස්ප්‍රස්’ යන චිත්‍රපට සඳහාද 2012 වසරේදී බ්‍රිතාන්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය වන බැෆ්ටා සම්මානය හිමිවිය. 1979 වසරේ තිරගත වූ ‘ඒලියන්’ චිත්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය දැක්වීය.