දඩයම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඔන්න මෙන්න කියා සිටි කුඩා අලි පැටවෙකු බේරාගෙන පැටවාව තම ආසන 4 ගුවන් යානයේ පටවාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑමට ඇමරිකා ජාතික හෙද නිළධාරියෙකු වන ගැරී රොබර්ට්ස් සමත් විය.

තම මව්පියන් මරණයට පත්ව සිටියද ගුවන්යානයක නැගී යාමට අවස්ථාවක් ලැබීම නිසා අලි පැටවාද සතුටින් සිටි බවක් පෙනෙන්නට තිබිණි.

යානයේ පැටවා ගමන් කළේ කෙසේදැයි දැක්වෙන වීඩියෝවක්ද ගැරී පසුව අන්තර්ජාලය එක් කළ අතර එහි පැටවා සෙල්ලමට මෙන් ගැරීගේ අතින් යානයේ පාලනය ලබා ගැනීමට සෙල්ලම් කරනු,යානයේ තිබූ වතුර බොතලයක් හා පෙරැළි කරනු දැක්වේ.

තම නිවෙස වෙත පැටවා ගෙන ගිය ගැරී එහිදී ප්‍රතිකාර ලබා දුන්නේය.

‘‘මැක්ස්‘‘නම් සුරතල් නාමයෙන් හැදින්වූ මේ අලි පැටවා දිවි ගලවා ගනු ලැබූවද වැඩි කලක් ජීවත් වූයේ නැත.

ගැරී පවසන්නේ තම මව්පියන් තමන් ඉදිරියේම මරණයට පත්වනු දුටු පැටවාට එය දරාගත නොහැකි තරම් දුකක් වන්නට ඇති බවයි.එනිසාම පැටවාගේ මරණය ඉක්මන් වන්නට ඇතැයි ඔහුගේ අදහසයි.

1410380017237_wps_94_MANDATORY_BYLINE_PIC_FROM 1410380032999_wps_96_MANDATORY_BYLINE_PIC_FROM 1410380037888_wps_97_MANDATORY_BYLINE_PIC_FROM 1410380049100_wps_99_MANDATORY_BYLINE_PIC_FROM