IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලි පැටවෙක් පියාඹයි

දඩයම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඔන්න මෙන්න කියා සිටි කුඩා අලි පැටවෙකු බේරාගෙන පැටවාව තම ආසන 4 ගුවන් යානයේ පටවාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑමට ඇමරිකා ජාතික හෙද නිළධාරියෙකු වන ගැරී රොබර්ට්ස් සමත් විය.

තම මව්පියන් මරණයට පත්ව සිටියද ගුවන්යානයක නැගී යාමට අවස්ථාවක් ලැබීම නිසා අලි පැටවාද සතුටින් සිටි බවක් පෙනෙන්නට තිබිණි.

යානයේ පැටවා ගමන් කළේ කෙසේදැයි දැක්වෙන වීඩියෝවක්ද ගැරී පසුව අන්තර්ජාලය එක් කළ අතර එහි පැටවා සෙල්ලමට මෙන් ගැරීගේ අතින් යානයේ පාලනය ලබා ගැනීමට සෙල්ලම් කරනු,යානයේ තිබූ වතුර බොතලයක් හා පෙරැළි කරනු දැක්වේ.

තම නිවෙස වෙත පැටවා ගෙන ගිය ගැරී එහිදී ප්‍රතිකාර ලබා දුන්නේය.

‘‘මැක්ස්‘‘නම් සුරතල් නාමයෙන් හැදින්වූ මේ අලි පැටවා දිවි ගලවා ගනු ලැබූවද වැඩි කලක් ජීවත් වූයේ නැත.

ගැරී පවසන්නේ තම මව්පියන් තමන් ඉදිරියේම මරණයට පත්වනු දුටු පැටවාට එය දරාගත නොහැකි තරම් දුකක් වන්නට ඇති බවයි.එනිසාම පැටවාගේ මරණය ඉක්මන් වන්නට ඇතැයි ඔහුගේ අදහසයි.

1410380017237_wps_94_MANDATORY_BYLINE_PIC_FROM 1410380032999_wps_96_MANDATORY_BYLINE_PIC_FROM 1410380037888_wps_97_MANDATORY_BYLINE_PIC_FROM 1410380049100_wps_99_MANDATORY_BYLINE_PIC_FROM



අදහස් (0)

අලි පැටවෙක් පියාඹයි

චමත් ඉතාලිය Friday, 12 September 2014 11:03 AM

රෑපවති මේ අලි පැටියා මැරුණා ... ලංකාවෙනම් මීට වැඩිය හොඳට අලි අනතාගාරවල අනාත වුන පැටව් බලා ගන්නවා ... උඩවලව ගිහින් ඇතිනේ අලි පැටවුන්ට කිරි දෙන හැටි දකින්න ඇති නේද .... මේ පැටියා මැරිලා තියෙන්නේ කිරි නැතිව බඩගින්නේ .... ඉතින් ලංකාවේ ඔය දේ වුණානම් පැටියා තවමත් ඉන්නවා ...(අ)

:       0       0

රජින්ද Friday, 12 September 2014 10:04 PM

පව් මේ සත්තු... කිහිපදෙනෙක් ඇරෙන්න හැමෝම බලාගෙන ඉන්නේ මේ අහිංසකයින්ව මේ ලෝකෙන් ඉක්මනින් ම වද කරලා දාන්න. (ස)

:       0       0

සතිස් Friday, 12 September 2014 11:35 AM

කොහෙද මේක වුනේ? අමෙරිකාවේද? (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 12 September 2014 05:04 AM

මේ අලි පැටියා මව් කිරි හිග වීමෙන් පසුව මිය ගියා (නදී)

:       0       0

රූපවතී Friday, 12 September 2014 05:07 AM

ලංකාවේ මිනිසුන්ට මෙය ආදර්ශයක් වේවා (නදී)

:       0       0

සෑම් Friday, 12 September 2014 05:35 AM

මේක මොන රටේ වුණ දෙයක්ද? (නි)

:       0       0

විරාජ් Saturday, 13 September 2014 06:50 AM

සිද්ධිය කොහේ වුනත් දඩයම් කාරයොනම් අපේ. මොකද අපේ කට්ටිය දැන් කැලේ ඉන්න අලිත් අල්ලලා විකුණනවනෙ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site