IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අල් කයිඩා සැකකරුවෝ දෙදෙනෙක් ස්පාඤ්ඤ පොලිසියට කොටුවෙති

බෝම්බ පුපුරුවමින් මහා ජීවිත විනාශයක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ පදිංචි නූ මඩියෝනී නමැති 23 හැවිරිදි ඇල්ජීරියානු ජාතිකයකු සහ 52 හැවිරිදි එසන් එල් ජවෝනී නමැති මොරොක්කෝ ජාතිකයකුය.
ආරක්ෂක අංශ මොවුන් දෙදෙනා ගැන දීර්ග කාලයක් තිස්සේ සෝදිසියෙන් සිටි බවත්, පෙරේදා (23) රාති‍්‍රයේ මොවුන් අත්අංඩගුවට ගත් බවත් පැවැසීය.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකදීය.
මොවුන් මාලි රාජ්‍යයේ කි‍්‍රයාත්මක උතුරු අපි‍්‍රකා අල් කයිඩා ජාලය සමඟ සමීප සබඳතා පැවැත්වූ අය බවත් ස්පාඤ්ඤ ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු බටහිර රටවල් තම තමන්ගේ ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කළ අතර, සැක කටයුතු පුද්ගලයන් වහ වහා අත්අඩංගුවට ගනිමින් සිටියි.
කැනඩා පොලිසිය ද අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් දෙදෙනා අල්ලා ගත්තේ කැනඩාවේ ටොරෙන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කර තිබියදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා

 



අදහස් (0)

අල් කයිඩා සැකකරුවෝ දෙදෙනෙක් ස්පාඤ්ඤ පොලිසියට කොටුවෙති

ඩොන් Friday, 26 April 2013 01:42 AM

ලගදීම ලංකාවෙත් බලාපොරොත්තු වෙන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

රිෂාඩි Thursday, 25 April 2013 11:45 AM

හනේ ඒක නේන්නම් නේ බොස්ටන් ප්‍රහරය් එහෙනම් මේකට හේතුව පව්.(නදී)

:       0       0

මධු Thursday, 25 April 2013 01:06 PM

ලෝකයෙන්ම තුරන් කරන්න ඕනෑ. හොද පුවතක් ! (නි)

:       0       0

මහේෂ් Thursday, 25 April 2013 09:13 PM

දැන් මේගොල්ලන්ට තේරෙනවා ඇති මේ ත්‍රස්තවාදය කියන එකේ තරම. අනිවාර්යයෙන්ම මේ මිනිමරන එක කජු කනවා වගේ කියලා හිතාගෙන ඉන්න, බෙලි කපන්න ගෙදර ඉඳන්ම පුරුදු කරපු මේ ම්ලේච්චයෝ නම් ලෝකෙන්ම තුරන් කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site