කැනඩාවේ ටොරොන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සාමාජිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට කැනඩා ආරක්ෂක අංශ ඊයේ (23) සමත් විය.
එම අල් කයිඩා සාමාජිකයන් දෙදෙනා බෝම්බ අටවා පුපුරුවා හැරීමට සැලැසුම් කළ ඇත්තේ ඇමෙරිකා/කැනඩා දේශසීමාව හරහා ගලා බසින නයගරා නදියට ඉහළින් දිවෙන දුම්රිය පාලමය.
වසර 115 ක් පැරැණි එම පාලම නයගරා දිය ඇල්ලට නුදුරින් නයගරා නදියට අඩි 225 ක් ඉහළින් ඉදිකර තිබේ.
කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියේ විශේෂ විමර්ෂණ ඒකකය ප‍්‍රකාශ කළේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ, 30 හැවිරිදි චිහේබ් එසේජිහේර් සහ 35 හැවිරිදි රියර්ඞ් ජැසර් නැමැත්තන් කියාය. මුස්ලිම් සම්භවයක් සහිත ඔවුන් දෙදෙනා ටොරොන්ටෝ නුවර පදිංචි කැනඩාවේ පුරවැසියන්ය.
මේ අතර කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය පවසා ඇත්තේ මොවුන් දෙදෙනා ඉරානයේදී අල් කයිඩා සංවිධානයෙන් විශේෂ පුහුණුවක් ලැබූ බවය. මොවුන් දෙදෙනා ගැන වසරක් තිස්සේ සෝදිසියෙන් සිටීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි තමන් කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියට දැනුම් දුන් බව ද කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩි දුරටත් කියා සිටී.
මොවුන් අල්ලා ගැනීමට නොහැකිවූවා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණේ යැයි ද ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩිදුරටත් කියා සිටී. එම පරීක්ෂණයට ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ ද සහාය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ථාන දෙකකදීය. ආරක්ෂක අංශ පවසන්නේ අත්අඩංගුවට ගන්නා විට රියර්ඞ් ජැසර් ටොරොන්ටෝ නුවර සිටි බවත් චිහේබ් එසේජිහේර් මොන්ති‍්‍රයාල් නුවර සිටි බවත්ය.
සී.එන්.එන්. පුවත් සේවය පසුගිය දිනෙක අනාවරණය කළේ මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ සමීපතමයන් කිහිප දෙනකුට ඉරාන රජයේ රැකවරණ ලැබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ව්‍යයසනයකටම මුල් වෙලා තියෙන්නෙ මොන ජාතියද කියලා දැන් පේනවා නේද? (නි)
මුරුගා, තමිල්නාඩු පලයන් ,මානුසික ඊලම එහෙ තියනවා, අපේ දෙමල සහෝදරයෝ අපිට දීල ,අපිට පුළුවන් උන් එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්න. උන්නට ඊළාම් ඕනේ නැහැ. තවත් මිලේච්ච කොටින්ට කඩේ යන්න එපා. නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බලපන්. උබ ඉපදුන රටට ආදරය කරපන්, උබේ අම්මට ආදරය කරනවා වගේ.(නදී)
පිළිකාවට වඩා අති භයානකයි .(නදී)
මුරුගන්, එල්ටීටී සංවිධානය තුල සංයමය නොමැති නිසාත් අමානුෂිකත්වය පෙරදැරිකරගෙන ඒ අය කටයුතු කරගෙන ගිය නිසාත් තමයි රජයට සිදුවුනේ මානුෂිකත්වය තුලින් අමානුෂිකත්වය පරදවා සාමුහිකත්වය ස්ථාපිත කිරීමට. (නි)
එක වෙලාවකට හිතෙනවා කොටි ටික හිටියනම් හොඳියි කියලා මොකද යූ.එන් එක හිටපු කාලේ මේ කටිටිය මට්ටු වෙලානේ හිටියේ. කවුරුත් දැනගන්න ඕන මේ කටිටිය මුළු ලෝකෙටම කරදරයක්. ඇමෙරිකාව දැනගෙන ඉන්න ඇති කොටි මැරුවම ලංකාව මේ අයගේ අතේ කියලා. ඒක නිසා තමියි ඇමරිකාව අපට විරුද්දව මානව හිමිකම් යෝජනා ගේන්නේ.(නදී)
මුරුගන්, එතකොට මුස්ලිම් පල්ලි වලට පැනලා සිය ගණන් මුස්ලිම් ජාතිකයන් කපලා කොටලා දැම්මේ, පැය 24න් උතුරින් සියලු මුස්ලිමුන් පන්නා දමා අපේ සියලු දේ කොල්ල කෑවේ, අපේ ආගමික උත්සව වලට බෝම්බ ගහලා මරාදැම්මේ ඔබලාගේ ඉල්ලීම් ගොඩාක් සාධාරන වෙච්ච නිසා වෙන්න ඇති. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි, දැන් බලන්න මිනීමැරු ම්ලේච්ච කොටි නැති ලංකාවේ ඔයාලගේ දෙමල අයට තවත් ප්‍රශ්න තියනවද, උතුරු නැගෙනහිර දැන් කොපමණ දියුණුද? ඔබලාට සැබැ වින්නැහිය කලේ කොටිද? නැත්නම් ඔබලාව මුදවාගෙන සංවර්ධනය නිදහස කරා ගෙනයන රජයද ? (නි)
මුරුගන්..හැබැටම ඔහේ කටින්ද ඕක කිව්වේ, ඇත්තටම මොකක්ද දෙමල ශ්‍රී ලාංකිකයන්ට දෙමල වීම නිසාම ඔයතරම් මිනී මරන්න තරම් වෙච්චි අසදාරනය මොකක්ද? ලංකාවේ තරම් දෙමල බසට, සංස්කෘතියට තැනක් නිදහසක් ඇති රටක් වෙන තියනවනම් කියන්න බලන්න . ඔබලාගේ සබැ නිජ බිම වෙච්චි ඉන්දියාවේ පවා මෙහෙම තැනක් දීල නැහැ. එක්සත් ජාතීන්ගේ මහා සමුලුවෙදී දෙමල බසින් හඩක් නැගු එකම රාජ්‍ය නායකයා පවා ලංකාවේ ජනාධිපති තුමන් පමණයි. එහෙම කලේ මිලියන 3ක් දෙමල අය ඉන්න ලංකාවේ නායකයා මිසක් මිලියන 60ක් දෙමල අය ඉන්න ඉන්දියාවේ අගමැති නම් නොවෙයි. ඇත්තටම කොටි අපට ගහන්න ඕන මේ තරම් සැලකුවට. (නදී)
ඔව් ඔව් මුරුගන්. කොටි මානුෂිය විදිහට රටේ හැම තැනම බෝම්බ තියපු හැටි වෙඩි තියපු හැටි අපිට තාම හොදට මතකේ තියනවා. 1. ගලදාරි බෝම්බය 2. මහා බැංකු බෝම්බය 3. දළදා මාලිගා බෝම්බය 4. ශ්‍රී මහා බෝධි මලු වෙඩි තැබිම 5. ලක්ෂ්මන් කදිරගාමර් ඇතුලු ටැමිල් නායකයන් නැති කිරීම උදාහරණ කීපයක් පමණි (නි)
මේ රටවල් දෙකම නයි ඇතුලේ දාගෙන කනවෝ කියනවා. (නි)
කොටි කොහෙද මානුෂිය මෙහෙයුමක් කළේ? මුරුගන් ඔයත් කොටි හිතවාදියෙක්ද කියලා මට හිතෙනවා. (නි)
මේ ත්‍රස්තවාදීන් කැනඩාවට හරිම කරදරයක්. (නි)
ඉලක්කය මොකක් උනත් අහිංසක මිනිසුන් මරා දමන්න බෝම්බ අටවන එවුන් ත්‍රස්තවාදියෝ.(නදී)
අමිල, ජනක මන් කිවේ ඉල්ලීම මානුශිකයි. ඉල්ලීම ලබා ගන්න හදපු විදිය මනුශිකයි කිවේ නැනේ. අල් කයිඩා එකේ ඔය දෙකම නෑ. අනික අපට හරියට සලකනවා නම් ඔය ඉල්ලීම වත් මතු වෙන්නේ නැනේ.(නදී)
මුරුගන් ඔයාලට වෙනම රටක් ඕනනම් තමිල්නාඩු යන්න.(නදී)
කොටින්ට මානුෂීය හදවතක් දෙන්න මුරුගන් හදන්නේ. ඔහුත් කොටි පැටියෙක් වන නිසයි. දලදාවටත් උඩමලුවටත් කොටි ආවේ මානුෂීය හදවතකින්ද ?(නදී)
මුරුගන් කොටින්ට වෙනම රටක් ඕනෑ නම් ඒකට වෙන කොහෙන් හරි හොයාගන්න කියන්න.ලංකාවේ ඒකට ඉඩ නැහැ... (නි)
ත්‍රස්තවාදය ලෝකයටම පිළිලයකි!!! (නි)
කොටින්ගේ ඉල්ලීම වුණේ වෙනම රටක්.අල් කයිඩා එකේ ඉල්ලීම ලෝකේ හැම මිනිහෙක්ම මුස්ලිම් විය යුතුයි කියන දේ.මේ දෙක පටලවන අදහස් දාන්න එපා.පිටරටවල් කොටින්ට උදවු කළේ කොටින්ගේ ඉල්ලීම මානුෂික නිසා. (නි)
ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩවෙලා නැද්ද අත්අඩංගුවට ගන්න ගිහින්? අපේ රටට නම් ඔහොම කලොත් කැනඩා, ඇමරිකා මුලින්ම කෑගහනවා. (නි)
කැනඩාව කොටියන්ට කිරි පොවනවා.(නදී)