සයිබීරියාවේ අද්භූත කුහරය හෙලිකොප්ටරයක් යොදානිමින් ඡායාරූපයට නැගූ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ එය විස්තර කළ නොහැකි තරම් අද්භූත ස්ථානයක් බවයි. විද්‍යාඥයන්ට මෙය අධ්‍යයනය කිරීම මහත් දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසාම එම කුහරය හඳුන්වන්නේ ලෝකයේ කෙලවර ලෙසිනි.
මෙය උල්කාපාතයක් වැටීමෙන් ඇතිවූ විශාල කුහරයක් බව ඇතැම් පර්යේෂකයෝ කියති. තවත් පිරිසක් පවසන්නේ පිපිරීමකින් ඇතිවූ ස්ථානයක් බවයි. තවත් පර්යේෂකයන් පිරිසක් පවසන්නේ පොළොව යට තිබූ අයිස් තොගයක් දියවී යාමෙන් මේ කුහරය සෑදී ඇති බවයි. අතීතයේ මේ ස්ථානයේ තිබූ විලක් රොන් මඩ හා පස් තැන්පත් වීමෙන් එහි ජල කොටස රොන් මඩට මැදි වී අයිස් බවට පත්වන්නට ඇති බවත් පසුව මේ අයිස් දියවී දැවැන්ත කුහරයක් සෑදෙන්නට ඇති බවත් තවත් විද්‍යාඥයන් පිරිසකගේ මතයයි.
කෙසේ වෙතත් ජලයෙන් පිරී ඇති මේ කුහරයට වැටෙන සියල්ල විනාශ වී යයි. කුහරයේ ගැඹුර මෙතෙක් සොයාගෙන නැත. මේ ස්ථානයේ වායු වර්ග බහුලව ඇති බවත් එතැනින් මීතේන් පිටවන බවත් විද්‍යාඥයෝ කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්ප කුමාරව දාන්නයි තියෙන්නේ ඔය හිලට (නි)
පුෂ්ප කුමාර,විශේෂ ගුවන් යානයක් සුදානම් කරමද? (නි)
හොදටම පැහැදිලිව පෙනේවා. යම්කිසි විෂ රාසයනික ද්‍රව්‍යක් නිසා පස ක්‍රමක් ක්‍රමයෙන් දියවී ඒ ආශ්‍රිතව කාලයක් පුරා සිදුරක් සෑදී ඇතිවග. ඇතුලතින් පෙනෙන දියරය පරීක්ෂණයට පත් කර බැලුවොත් වැඩි විස්තර සොයා ගත හැකියි.(නදී)
පනින්න කියාපු තැන. (නදී)
බුදු අම්මෝ... දැක්කත් බය හිතෙනවනෙ.! ලස්සනට කපපු ළිදක් වගේ ඇතුල් කුහරයේ සියුම් කම...(අ)
පුෂ්පේ ,නියමයිනේ! (නි)
පනින්න නියම තැන. (නි)
පුෂ්පකුමාර, අදහස හොඳයි. ඒත් ඔතනට වඩා ජපානයේ ෆුජී ගිනිකන්ද හොඳ නැද්ද? (නි)
මම හිතන්නේ ඕක තමයි අපායට යන කට කියලා (නි)
දියවන්නාවේ ඉන්න කට්ටිය ගෙනිහින් ඔය හිලට අතාරින්න බැරිද? (නදී)
පුෂ්පකුමාර, දියවන්නාවෙ ඉන්නෙ වෙන ලෝකෙකින් මෙහාට පාත් වුණ කණ්ඩායමක් නෙමෙයිනේ. අපේ මහජනතාව ඡන්දෙන් පත්කළ උදවිය. දියවන්නාවෙ දැන් ඉන්න අය කුහරයකට දැම්මා කියමු, ඉන් පස්සේ දියවන්නාවට එන්නේත් මේ ජරාජීර්ණ සමාජයේම නියෝජිතයින් නේද? (නි)