එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර මහල් නිවාස සංකීර්ණයක් විශාල ගින්නකට හසුවූ බව ගල්ෆ් පුවත් සේවය පවසයි.

සාජා නුවරට ආසන්නයේ කුළුණු 12 ක් සහිත එක් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්න හටගෙන ඇති බව කියති.

ගින්න හේතුවෙන් 5 දෙනකු තුවාල ලැබූ බවත් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වහාම එයින් ඉවත් කර ගැනීමට පියවර ගත් බවත් එරට බලධාරීහු කියති.    අජ්මාන් සිවිල් ආරක්ෂක අංශය අද පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබුණේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බවයි.

UAE1647300402