මගියකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානයක් අද (3) ඉන්දියාවේ තමිල්නාඩුවට හදිසියේ ගොඩබස්සවා ඇතැයි එක්සත් අරාබියේ ඩේලි කලීජ් ටයිම්ස් පුවත්සේවය පවසයි.

සාජා සිට චෙන්නායි බලා පියාසර කරමින් තිබූ එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගෝවා හි දී ගොඩබස්සවා මගියා ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි කියති.

70 හැවිරිදි කාන්තාවක් යානයේ කාර්ය මණ්ඩලයට දන්වා තිබුණේ ගුවනේදී ඇයට හෘදයාබාධයක් ඇතිවූ බවයි. ඇය වස්කෝහි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යානය යළි ගමන් අරඹා ඇතැයි ගුවන්තොටුපළ ආරංචි පවසයි.