මාස 9 ක් තිස්සේ වසා දමා තිබුණු ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුන විෂබීජහරණයෙන් පසු යළි ජනතාවට විවෘත කර තිබේ.
ප්‍රංශයේ අභිමානය ලෙස සැලකෙන මෙම සුප්‍රකට ස්මාරකය වසා දැමීමට පැරිස් බලධාරීන් කටයුතු කළේ 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙනි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අයිෆල් කුලුන මාස 9 ක් තරම් දීර්ග කාලයක් වසා දමා තිබුණු පළමු අවස්ථාව මෙය යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.
මීටර් 300 ක් උස මෙම ලෝක ප්‍රකට ස්මාරකය යළි විවෘත වී ඇත්තේ නරඹන්නන් 13,000 කට පමණි. මීට පෙර නරඹන්නන් 25,000 කට අවසර ලැබී තිබුණු බව පැරිස් බලධාරීහු පෙන්වා දෙති.
අයිෆල් කුලුන නැරැඹීමට ද අවසර හිමිවන්නේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් අයට පමණක් බව ද පැරිස් බලධාරීහු පවසති. ප්‍රංශය යුරෝපා රටකි.
යුරෝපා රටවල් රැසක් මේ වනවිට උත්සවශාලා, අවන්හල්, සිනමාහල් ආදිය සීමිත පිරිසකට විවෘත කර ඇති අතර, එම සීමිත පිරිසට අයත් වන්නේ එන්නත් මාත්‍රා ලබා ගත් අය යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිෆල් කුලුන යළි විවෘත කෙරේ