IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


අයහපත් කාලගුණය 450 ක් බිලිගනී

ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවල සතියක පමණ කාලයක් පැවති සුළිසුළං මගින් ඇති කළ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 450ක් පමණ මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් තුවාල ලැබූ ගණන 500 ඉක්මවා ඇත.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා හි සිදු වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 303 දක්වා ඉහළ ගොස් ඇත. එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන පරිදි, තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවමත් බොහෝ සිරුරු සොයාගෙන නොමැති බව ද පැවැසෙයි.

බටහිර සුමාත්‍රාවේ පමණක් මරණ 61ක් සහ අතුරුදන් වූවන් 90ක් වාර්තා වූ අතර පුද්ගලයන් 75,219ක් අවතැන් වී ඇති අතර, 106,806කට බලපෑම් එල්ල වී කිබේ. උතුරු සුමාත්‍රාවේ තවත් 116 දෙනකු මිය ගොස් ඇති අතර, ඒෂ් ප්‍රාන්තයේ අවම වශයෙන් 35 දෙනකු මිය ගොස් ඇත.

තායිලන්තයේ දකුණු පළාත් අටක් පුරා අවම වශයෙන් පුද්ගලයන් 145 දෙනෙකුගේ මරණ තහවුරු වී ඇති බව පැවැසෙයි. ගංවතුර තත්ත්වය හේතුවෙන්  මිලියන 3.5කට අධික ජනතාවකට බලපෑම් එල්ල වී තිබේ. අසල්වැසි මැලේසියාවේ පුද්ගලයන් දෙදෙනකු මිය ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දකුණු ආසියාව තුළ දිට්වා, සෙන්යාර්, කොටෝ නම්වලින් දුර්ලභ සුළිසුළං තුනක පොකුරක් ඇතිවීම මෙම අයහපත් කාලගුණයට හේතුව බව පැවැසෙයි. මෙම පද්ධති බෙංගාල බොක්ක, මලක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුදේ දී ඇතිව ගමන් කරමින් පවතී.



අදහස් (0)

අයහපත් කාලගුණය 450 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 236 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 290 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1209 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site