අයිස්ලන්තයේ පළමු වරට මදුරුවන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අයිස්ලන්තයෙන් මෙසේ මදුරුවන් හමුවී ඇත්තේ, අයිස්ලන්තය ගෝලීය උණුසුම හේතුවෙන්, උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ලෝකයේ මදුරුවන් නොමැති රටක් ලෙස සැලකුණේ අයිස්ලන්තයයි. ඊට අමතරව ඇන්ටාක්ටිකාවේ ද මදුරුවන් නොමැත.

මදුරුවන් හමුවී ඇත්තේ අයිස්ලන්තයේ රෙජාවික් අගනුවරට දකුණු දෙසින් පිහිටා ඇති කේජෝන් නමැති ග්ලැසියර් නිම්නයෙනි. මෙම මදුරුවන්, කුලිසෙතා අනුලාටා නමැති මදුරුවන්ය. මොවුන් ශීත කාලයට ඔරොත්තු දෙන මදුරු විශේෂයක් බව ද පැවැසෙයි.