අයිස්ලන්තයට ඉහළින් පියාසර කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය සියළුම ගුවන් සේවා වෙත රතු නිවේදන නිකුත්කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුවී ඇත්තේ බාර්ඩර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමයි. දැන් එහි පිපිරීම් හටගෙන ඇත.
භූ විද්‍යාඥයන් පවසන්නේ ගිනිකන්දේ විවරයේ පිපිරීම කිලෝ මීටරයක් පමණ දුරට පැතිරී තිබෙන බවයි. පසුගිය දින කිහිපයේ මෙහි භූ කම්පන කිහිපයක් ම සිදුව ඇත.
අඩි 5000ක් උසට ගුවන් සීමාව තහනම් කැර තිබේ. ආරක්ෂිත දුරක සිටින විද්‍යාඥයන් මෙහි සිදුවන පිපිරීම් ගණනය කරමින් සිටියි. සාමාන්‍ය ගිනිකන්දකින් පිටවන අළු තවමත් දක්නට නැතත් සුදු පැහැති දුම විශාල වශයෙන් කන්දෙන් පිටවෙමින් තිබේ.
කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කරන්නේ මෙහි සිදුවෙමින් පවතින්නේ ලාවා පිපිරීමක් බවයි. එවිට වායුගෝලයට අළු පිටනොවනු ඇත. එසේ වුව ද ගුවන් ගමන්වලදී වඩාත් සැළකිලිමත් විය යුතුයැයි එම කාර්යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිස්ලන්තයට ඉහළින් පියාසැරිය තහනම්
නාලක Friday, 29 August 2014 07:35 PM
දැන් අවදානමක් නෑ. එය අක්‍රිය වී ඇත. (අ)