අයිස්ලන්තයේ නව අගමැති ලෙස සිගුරූරු ඉන්ගි ජොහැන්සන් පත්කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.
පසුගියදා ඇතිවූ පැනමා මොසැක් ෆොන්සේකා සමාගමේ රහස් ලිපිගොනු පිටවීමේ සිද්ධියත් සමග හිටපු අගමැති සිග්මුන්දුර් ගුන්ලව් පසුගියදා ඉල්ලා අස්විය. ඔහුට එරෙහිව මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් දැඩි විරෝධතා මතුවීමත් සමග සිය ධූරයේ කටයුතු කරගෙන යෑමට බාධා ඇතීවීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්විය.
නව අගමැති ජොහැන්සන් එරට රජයේ කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයාය.
මෙම පත්කිරීම සම්බන්ධයෙන් එරට විපක්ෂය විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් ඔවුන් කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් එරට වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නවීන තොරතුරු තාක්ෂනය සුභවාදී ව යොදාගත් අවස්ථාවක් සහ ජනමාද්‍ය වේදීන්ගේ කාර්යභාරය මැනවින් ඉටුවූ අවස්ථාවක් , කිසිම ලොක්කෙකුට මෙයින් සැඟවෙන්න බැහැ. (හේ)