අවසන් වරට එළැඹි අයිස් යුගයේදී   රටවල් පැවතුණේ නම් ඒවා කෙසේ තිඛෙනු ඇත්දැයි දැක්වෙන ලෝක සිතියමක් නිර්මානය කිරීමට පරිගණක ග්‍රාපික නිර්මාණ ශිල්පියකු ප්‍රමුඛ භූවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

අවසන් අයිස් යුගය පෘථීවිය මත පැවතියේ ක්‍රිස්තු පූර්ව 14000 දී බව ගණන් බලා තිබේ.

වෙනත් සිතියම් මෙන් නොව මෙම සිතියම ඉතා නිරවද්‍ය ලෙස සකස් කර ඇති බව එය නිර්මානය කිරීමට එක්වූ කණ්ඩායම කියති.

එදවස සාගර ජල මට්ටම අද තිඛෙනවාට වඩා මීටර 110 කින් පමණ පහළ මට්ටමක තිබී ඇති බව සදහන්ය.මෙනිසා එදවස ඉහළට මතුව තිඛෙන්නට ඇති ගොඩබිම් කොටස්ද මෙම සිතියමේ දැක්වේ.

එම ගොඩබිම් කොටස් නිසා මෙම සිතියමේ රට රටවල් පිහිටි මහාද්වීප අතර අද පවතින්නාක් මෙන් දුරස්ථ භාවයක් දැකගත නොහැකිය.

විශාල පරිමාණයෙන් විහිද තිඛෙන්නට ඇතැයි සැළකෙන අයිස් තට්ටුද සිතියමේ දැක්වේ.