ඇන්ටාර්ටිකාවේ දැනට ඉතිරිව පවතින ලාර්සන් බී අයිස් තට්ටුව වේගයෙන්  දුර්වලවෙමින් පවතින බව නාසා ආයතනය මගින් සිදුකරණ ලද අළුත්ම අධ්‍යනයකින් හෙලිවී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසා අධ්‍යනය මගින් අනාවැකි පලකර ඇත්තේ දැනට ඉතිරිව ඇති අයිස් තට්ටුව මෙම දශකය අවසානයට පෙර කොටස් වලට සම්පූර්ණයෙන් වෙන්ව යන බවයි.

අයිස් තට්ටුව නොපෙනී යෑම යනු එම අයිස් තට්ටුව විනාශවී දියවී ගොස් ගෝලීය සාගර ජල මට්ටම ඉහළ යාමයි.  

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ චන්ද්‍රිකා මගින් 2002 සහ 2012 දී ලබා ගන්නා ලද ඡායාරූපවලින්  පෙන්වා ඇන්ටාර්ටික් අයිස් තට්ටුව කොටස් වලට කැඩි  වෙන්ව ඇති ආකාරයයි.

මේ පිලිබඳව පර්යේෂණ කටයුතු වල නියැලී සිටින ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ පැසඩෙනා හි ජෙට් ප්‍රවාලන රසායනාගාරයේ විද්‍යාඥයින් කණ්ඩායමේ ප්‍රධානි අලා කෂෙන්ඩර් සොයා ගත් සාක්ෂි වලට අනුව ඇන්ටාර්ටිකා අයිස් තට්ටුව වඩාත් වේගවත් ලෙස ඉදිරියට තල්ලුවනවා සේම බොහෝ කැබලි වලට කැඩෙමින් පවතින බව තහවුරු වී ඇත. මෙසේ ඉදිරියට ගලායාම හේතුවෙන් අයිස් තට්ටුවේ විශාල ප්‍රමාණයේ ඉරිතැලීම් වි ඇති බව පෙන්වා දී තිබේ.

නාසා මගින් නිකුත් කරණ ලද ප්‍රවෘත්ති නිවේදනය මගින් නෂෙන්ඩර් පවසා ඇත්තේ මෙම සලකුණු මගින් පෙනෙන්නට ඇත්තේ දැනට ඉතිරිව පවතින අයිස් තට්ටුව කැබෙලි වෙමින් පවතින බවයි. මෙම තත්වය විද්‍යාත්මක වශයෙන් ස්ථායි නොවි කොටස් වලට කැඩී යාම බලා සිටීමට හැකි අපූර්ව දසුනක් වුවත් අපගේ පෘථිවියේ පැවැත්මට මෙම තත්වය හිතකර නොවන බව හෙතෙම කියයි.

ලාර්සන් බී අයිස් තට්ටුව අවම වශයෙන් වසර දස දහසක සිට පැවති බවට විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

2002 වර්ෂයේදී මෙම අයිස් තට්ටුවේ කොටසක් කැඩී ගිය  අතර ඒ අවස්ථාවේදී විද්‍යාඥයින් පුදුමයට පත් කරමින් සති හයකදී මෙම අයිස් තට්ටුවේ කැඩිගිය කොටස අතුරුදන්ව දියවි ගොස් තිබිණි. ඇමරිකානු කාලගුණ විද්‍යාඥ එරික් හොල්තස් ට අනුව ලොව කිසිම කෙනෙක් මෙතරම් විශාල අයිස් කුට්ටියක් ඉතාමත් ඉක්මනින් දියවෙනු කවරදාකවත් දැක නැත.