IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයිස් තට්ටුවක් අතුරුදන්

ඇන්ටාර්ටිකාවේ දැනට ඉතිරිව පවතින ලාර්සන් බී අයිස් තට්ටුව වේගයෙන්  දුර්වලවෙමින් පවතින බව නාසා ආයතනය මගින් සිදුකරණ ලද අළුත්ම අධ්‍යනයකින් හෙලිවී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසා අධ්‍යනය මගින් අනාවැකි පලකර ඇත්තේ දැනට ඉතිරිව ඇති අයිස් තට්ටුව මෙම දශකය අවසානයට පෙර කොටස් වලට සම්පූර්ණයෙන් වෙන්ව යන බවයි.

අයිස් තට්ටුව නොපෙනී යෑම යනු එම අයිස් තට්ටුව විනාශවී දියවී ගොස් ගෝලීය සාගර ජල මට්ටම ඉහළ යාමයි.  

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ චන්ද්‍රිකා මගින් 2002 සහ 2012 දී ලබා ගන්නා ලද ඡායාරූපවලින්  පෙන්වා ඇන්ටාර්ටික් අයිස් තට්ටුව කොටස් වලට කැඩි  වෙන්ව ඇති ආකාරයයි.

මේ පිලිබඳව පර්යේෂණ කටයුතු වල නියැලී සිටින ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ පැසඩෙනා හි ජෙට් ප්‍රවාලන රසායනාගාරයේ විද්‍යාඥයින් කණ්ඩායමේ ප්‍රධානි අලා කෂෙන්ඩර් සොයා ගත් සාක්ෂි වලට අනුව ඇන්ටාර්ටිකා අයිස් තට්ටුව වඩාත් වේගවත් ලෙස ඉදිරියට තල්ලුවනවා සේම බොහෝ කැබලි වලට කැඩෙමින් පවතින බව තහවුරු වී ඇත. මෙසේ ඉදිරියට ගලායාම හේතුවෙන් අයිස් තට්ටුවේ විශාල ප්‍රමාණයේ ඉරිතැලීම් වි ඇති බව පෙන්වා දී තිබේ.

නාසා මගින් නිකුත් කරණ ලද ප්‍රවෘත්ති නිවේදනය මගින් නෂෙන්ඩර් පවසා ඇත්තේ මෙම සලකුණු මගින් පෙනෙන්නට ඇත්තේ දැනට ඉතිරිව පවතින අයිස් තට්ටුව කැබෙලි වෙමින් පවතින බවයි. මෙම තත්වය විද්‍යාත්මක වශයෙන් ස්ථායි නොවි කොටස් වලට කැඩී යාම බලා සිටීමට හැකි අපූර්ව දසුනක් වුවත් අපගේ පෘථිවියේ පැවැත්මට මෙම තත්වය හිතකර නොවන බව හෙතෙම කියයි.

ලාර්සන් බී අයිස් තට්ටුව අවම වශයෙන් වසර දස දහසක සිට පැවති බවට විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

2002 වර්ෂයේදී මෙම අයිස් තට්ටුවේ කොටසක් කැඩී ගිය  අතර ඒ අවස්ථාවේදී විද්‍යාඥයින් පුදුමයට පත් කරමින් සති හයකදී මෙම අයිස් තට්ටුවේ කැඩිගිය කොටස අතුරුදන්ව දියවි ගොස් තිබිණි. ඇමරිකානු කාලගුණ විද්‍යාඥ එරික් හොල්තස් ට අනුව ලොව කිසිම කෙනෙක් මෙතරම් විශාල අයිස් කුට්ටියක් ඉතාමත් ඉක්මනින් දියවෙනු කවරදාකවත් දැක නැත.



අදහස් (0)

අයිස් තට්ටුවක් අතුරුදන්

සංජීව Monday, 18 May 2015 03:09 AM

අපේ ලංකාවේ කට්ටියට මේවා වැදගත් නැහැ. මොනවාහරි දේශපාලන බොරුවක් වටේට ඇවිද ඇවිද ඉන්න්නවා. කවදාහරි සුනාමිය වගේ අපි දන්නෙම නැතුව සාගරය ගොඩගලයි. (නි)

:       0       0

සොපී Monday, 18 May 2015 06:56 AM

ලෝක අවසානයේ ආරම්භක අවදියේ තමයි දැන් අපි ජීවත්වෙන්නේ .(ම)

:       0       0

පුබුදු Tuesday, 19 May 2015 04:33 AM

එක දෙයක් නෙවි.මිනිසාගේ හැම නරක වැඩක්ම මේවට බලපානවා.(ම)

:       0       0

චන්න බුවනක Tuesday, 19 May 2015 02:27 PM

ලෝකය වේගයෙන් දියුණු වෙනකොට පරිහානියත් ඒ වගේම සිද්ධවෙනවා. (නි)

:       0       0

නෙත්මි Monday, 18 May 2015 09:03 AM

අපේ අයට කියන්න ඕන තව පුළුවන් තරම් කැලෑ ටික කපලා දාලා මේ විනාශ යට උදව් කරන්න කියලා.(හේ)

:       0       0

සංජය විජයරත්න Tuesday, 19 May 2015 03:31 PM

කවුරු කොහොම කෙසේ කීවත් සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවමනේ. ඉතින් මහා ලොකු දැනුම් සම්බාරයක් තියෙන දෙවියන් මිනිසාට හානි වෙන කිසිවක් කරන්නේ නැහැනේ. (බ)

:       0       0

චන්ද්‍රලාල් Monday, 18 May 2015 07:27 PM

අපේ රටේ වුණා නම් ඒකටත් කාවහරි හිරේ දායි (නි)

:       0       0

තරංග Monday, 18 May 2015 09:53 AM

මේ වෙන කිසි දෙයක් කිසිම කෙනකුට වළක්වන්න බැහැ. (බ)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 09:55 AM

ශක්තිමත් වෙරල ,හරිත වැට,කොරල් පර සහ කඩොලාන එකම විකල්පය වේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site