අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීහු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයිවරි කොස්ට් රාජ්‍යයේ වෙරළ තීරයේ අවන්හලක 16 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අයිවරි කෝස්ට් හි වාණිජ අගනගරය වන අබිජාන්වල සිටි කිලෝමීටර් 40ක් පමණ දුරින් ඇති දකුණු වෙරළ තීරයේ ග්‍රෑන්ඩ් බසාම් හි අවන්හලකට පැමිණි ත්‍රස්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.
එම අවන්හල එරට මෙන්ම විදේශික සංචාරකයන්ගේ ද ප්‍රියතම ස්ථානයක් බව කියති. බටහිර ජාතිකයන් සිව් දෙනකු වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් මිය ගිය පිරිස අතර ප්‍රංශ හා ජර්මන් ජාතිකයන් ද සිටින බවත් වාර්තාවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd