
අයර්ලන්ත රජය, එරට සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබ තිබූ සියලු 'කොවිඩ් 19' තහංචි ඉවත් කර තිබේ.
'කොවිඩ් 19' සම්බන්ධයෙන් පැනැවූ සියලු තහංචි ඉවත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මයිකල් මාර්ටින්ගේ මැදිහත් වීමෙනි. මේ වනවිට අයර්ලන්තයේ ද 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගෙන ඇත. ඒ, ඔමික්‍රෝන් හේතුවෙනි.
එසේ වුවත්, යුරෝපා රටවලින් බූස්ටර් එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති රට ලෙස සැලකෙන්නේ ද අයර්ලන්තයයි. ඒ අනුව, 'කොවිඩ් 19' ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වන ගණන විශාල වශයෙන් අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.
සියලු තහංචි ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ මේ නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd