අයර්ලන්ත සමූහාණ්ඩුවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වූ ජනමත විචාරණයේදී වැඩි ප්‍රතිශතයකින් ඊට අනුමැතිය හිමිවූ බව විදෙස් වාර්තා කියයි.
සමලිංගික කාන්තා හා පිරිමි විවාහ සඳහා එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 62%ක පමණ ප්‍රතිශතයක් කැමැත්ත පළ කරමින් සිය ඡන්දය භාවිතා කර තිබිණි.
සමලිංගික විවාහ නීතිගත කිරීමට ප්‍රසිද්ධ ජනමත විචාරණයක් පැවැත්වූ ලොව පළමු රට ලෙස අයර්ලන්තය ඉතිහාසගත වන බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙයි.
අයර්ලන්ත අගමැති එන්ඩා කෙනී පැවසුවේ පුංචි රටක් සමානාත්මතාවය ගැන ලොකු පණිවිඩයක් ලෝකයට දුන් බවයි.
සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට පත් කැර වසර 22 කට පසුව මෙම ජනමත විචාරණය පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමලිංගික සේවනය ලෝකයේ ඉතා අතීතයේ සිටම පැවතෙන දෙයක්. මෙය අලුත් දෙයක් නෙමෙයි ලෝකයට (නි)
ජයවේවා! මම නම් කැමතියි ඔය නිදහස ලංකාවට එනවා නම්. සමලිංගිකයෝ කියන්නේ වැරදි අය නෙමෙයි. එයාලටත් අයිතියක් තියනවා අනික් අයට වගේ. (නි)
මේක අපේ රටේ පාර්ලිමේන්තුවෙන් පහසුවෙන් සම්මත කර ගන්න පුළුවන්. මේක බේත් සොයා ගත්තු නැති ලෙඩක් සමහර මැදපෙරදිග රටවල සම ලිංගික අහුවුනොත් බෙල්ල කපනවා. සම ලිංගික ලෙඩේ නැති රටක් නැහැ. බෝ නොවෙන රෝගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ (නදී)
ප්‍රියානි ගැන මට නොයෙක් දේ හිතෙනවා (නි)
මේ රටවල්වල පවතින ආගම් මේ සදහා පසුබිම සකස් කරන බව නොරහසක් . බල්ලො බල්ලො අතරේවත් නැති දෙයක් නේ මේක (බ)
ලෝකය මේ යන්නේ විනාශය වෙත බැවින් එහි වර්ධනයක් මිස අඩුවීමක් කෙසේ බලාපොරොත්තු විය හැකිද. ත්‍රස්තවාදය, අන්තවාදය, පරිසර දුෂණය හා මෙවැනි සමාජ විකෘර්තීන් කියා පාන්නේ මානව වර්ගයා තම ජාන වලට කෙතරම් නම් දැවැන්ත අභියෝගයක් එල්ලකර ඇති බව නොවේද.(බ)
ඔන්න රනිල් මහත්තයගෙයි, මංගල මහත්තයගෙයි ඡන්දෙත් ලැබුනා කියා හිතාගන්න කෝ (නදී)
කොසොල් රජු දුටු පිරිහීමේ සිහින සබෑ වීමක්. (ර)
ලෝකෙටම දීලා තියෙන පණිවිඩේ නම් මරේ මරු. මිනිස්සු ජාති ආගම් වශයෙන් කල්ලි බෙදිලා සටන් කරනවා වගේ මෙයාලත් කවදාහරි වෙනම සමලිංගික රටක් ඉල්ලලා සටන් කරයිද දන්නේ නැහැ.(බ)
අදහස් දාපු 4 දෙනාම ලෝක ගැන නොදන්නා, මෝඩ කම ප්‍රදර්ශනය කරන කට්ටියක් බව පේනවා (ම)
ආර්ථික දියුණුවෙන් පසුව මේ රටවල මිනිසුන් කල්පනා කරන්නේ සමාජය හැමෝටම එක හා සමානව සලකන්න නීති ඇතිකරන්න. මිනිස්සුන්ගේ අයිතින් දිනාගන්න. ලංකාවේ මිනිස්සු තවම "කොසොල් රජ්ජුරුවන්ගේ" හිර වෙලා. (බ)
කාමය වැරදි ලෙස හැසිරීමට මේකත් අයිතියි . (ත)
ලංකාවේ මිනිස්සු තාම ඕක පිළිකුල් කරනවා (බ)
මට හිතෙනවා මේ ලෝක විනාසයක ආරම්භයද කියල. තනි ඇහැට ඇඩෙනවා (ත)
සමලිංගික ආදරය සහ සමලිංගික ලිංගිකත්වය කියන්නෙ දෙකක්ත ලංකාවේ අය ගොඩක් දන්නෙ ලිංගිකත්වය විතරයි. මේකේ මම වරදක් දකින්නෙ නැහැ. කාටවත් හානියක් වෙන්නෙ නැත්නම් සමලිංගිකත්වයේ වරදක් නරහර. ඒ අයත් මිනිස්සු (නි)
අපිට පුද්ගලිකව අප්‍රසන්න වුනත් ඒ මිනිස්සුන්ටත් තමුන්ගේ කැමැත්තට නිදහසක් ලැබීම හොඳ දෙයක්. ලංකාවේ ඉන්නේ කොහොමටත් ලෝකෙට පේන්න සුදු පිරුවටේ ඇදගෙන හොරෙන් ඔක්කොම වැරදි කරන අයනේ. ඒ අයගේ කතා එතරම් වැදගත් වෙන්නේ නැහැ. (බ)
පුද්ගලිකව මම සමලිංගික සේවනයට තරයේම විරුද්ධයි. නමුත් ලෝකයේ වැඩිම ඉක්මනකින් ජනගහන වර්ධනයක් සිදුකරන එක ආගමික කොට්ටාසයක් සමලිංගික සේවනයට ඇබ්බැහි කරවීමට හැකිනම් එය ලෝකයට විශාල යහපතක් බව කිව හැකියි. (බ)
ප්‍රියානි, ඔබ කැමති ඔබේ දරුවන් සමලින්ගිකයින් විවාහ කර ගන්නවටද නැත්නම් විරුද්ධ ලිංගිකයින් විවාහ කර ගන්නවටද? සමලිංගිකයින් විවාහ කරගත්තොත් මුණුපුරන් දකින්න වෙන්නේ නැහැ ඔබට. (නදී)
ප්‍රතිශතය 100% උනොත් වර්ගයා බෝවීමක් නොමැත. මෙය භයානක දෙයක් .පිරිහීමක්. ප්‍රියානිලාට, පත්මලාට හොඳයි (නදී)
චමිලා, මම ඔබ අනුමත කරමි (බ)
පහන් මල්ලි, මෙරටේ ඉන්නේ තද ක්‍රිස්තියානි ජාතිකයෝ.මේගොල්ලෝ උදේ හවස පල්ලි යන රෝමානු ක්‍රිස්තියානි ජාතියක්. ඒ ආගමේ සමලිංගික සම්බන්ධයන් සම්පුර්ණයෙන්ම තහනම්. නමුත් මේ ජනතාව ආගමේ ඉගැන්වීම් නොසලකා හැරපු විශේෂ අවස්ථාවක් මේක. (බ)
යුරෝපයේ මිනිසුන් කොපමණ දුකේද ජීවත් වෙන්නේ කියල තේරෙන්න අවංකව කතාකරල බලන්න මානසිකව හා ආර්ථිකව සහජීවනය ආදරය අදුනන්නේ නැහැ. යුතුකම හා අත්මාර්ථකාමිත්වය විතරයි. හැබැයි ප්‍රියානි ගැන සැකයි (බ)
ඇත්තෙන්ම මෙය ජනගහන පාලනයට රුකුලක් විය හැකියි. (බ)
තමන් කැමති කෙනෙක් එක්ක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. (ත)
මාපලගම පත්මා, ඔයා හරියටම හරි. අරවින්ද , මම 25 අවුරුද්දක් ඉන්නේ ජර්මනියේ. තිස්ස, මිගාර, සංජීව, බෙන්තොටලා වගේ අය ඉන්න එකට ආඩම්බරයි මට (නි)
අපි ලෝකය ගැන නොදන්නා මෝඩ පිරිසක් වෙන්න ඇති.නමුත් ඇයි ප්‍රියානි ඔයාට තරහාගියේ අපි එහෙම කිව්වහම? (නි)
අපේ රටේ ඡන්දයක් තිබ්බොත් මොනවා වෙයිද? (නි)
චමිලාගේ කතාව නම් නියමයි. (නි)
ජයවේවා! (නි)
ප්‍රියානි , ඔය ආසද එකට එහෙනම් යන්නකෝ එයාලගේ රටටම .(ම)
ලංකාවේ බහුතරය අඩුම ගණනේ තම පාසල් කාලයේ හෝ තරුණ කාලයේ ඔය අත්දැකීම විඳ ඇති. මමත් ඔය දෙය පාසල් කාලයේ කළා. මෙයට විරුද්ධව ප්‍රතිචාර දමන බොහොමයක් හදවතින් නෙමෙයි ඒවා ලියන්නේ (නි)
සුද්දෝ අපේ සංස්කෘතිය නැතිකිරීමට විසල් අරගලයක් ඇතිකළා. මේ කරන්නේ මිනිස්කම මේ ලෝකෙන් තුරන්කිරීම ආරම්භ කිරීමයි. හරිම අප්‍රසන්න හැඟීමක් මේක (නි)
මේක විනාශයක මුල. අනුමත කරන්න බැරි වැඩ මේවා (නි)
ළදරු අවදියේදී ත්‍රිත්ව එන්නත දෙනවා වගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සමතුලිත කළහැකි තවත් එන්නතක් දුන්නා නම් ඔය ප්‍රශ්නය අවුරුදු 20 කින් විසඳිලා යාවි. (නි)
විජිත හරි. මේ රට තද රෝමානු කතෝලික ජනතාවක් ඉන්න රටක්. ඒ වෙනුවෙන් තමා ඉතිහාසේ එංගලන්තයත් සමග යුද්ධයට පැටලුනේ.නමුත් මේ මිනිස්සු තමන්ට තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න නීත්‍යානුකූලව තිබෙන අයිතිය පෙන්නුම් කළා. මෙය ආගමේ ඉගැන්වීම් වලට පටහැනි නමුත් ඒකේ තේරුම ඒ මිනිසුන්ට ආගමක් නැහැ කියන එක නෙමෙයි (නි)
ඔවු ඉතින් මේකේ ඇති වැරැද්දක් නැහැනේ (නි)
මේක මිනිස්සුන්ගේ අයිතින් ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක ලෝක ජනගහන වර්දනය හා ජන සංතුලනයට බරපතල ලෙස හානිකරන වෙනසක ආරම්බයක් වගෙයි මට පේන්නේ. (නදී)
පිරිමි සමලිංගිකයින් මාර්ගයෙන් එච්. අයි. වී. වයිරසය ඉතා ඉක්මනින් බෝ වන බව බොහෝ දෙනෙක් නොදන්නවා වගෙයි. දැනට ලංකාවේ ළමුන්ගෙන් විශාල පිරිමි ළමුන් ප්‍රමාණයක් විදේශික සමලින්ගිකයින් සතුටුකර මුදල් ඉපයීමට යාම නිසා මෙම වයිරසයට ගොදුරු වී ඇති බව සොයාගෙන ඇත. (ම)
එකම දෙය අපේ රටට ඔය විගඩම් බෝකරගන්නේ නැතුව ඉන්න එකයි (නි)
අපේ රටේ යුරෝපය දෙසට නමස්කාර කරන්නවුනට තවත් අලුත් දෙවු විමනක් දැන් හිතේ මැවෙනවා ඇති. (නි)
අපේ ලංකාවෙත් ඔය සමලිංගික විවාහය හෝ සමලිංගික සේවනය නීතිගත කරනවා නම් හොඳයි. ළමා අපචාර වැනි දේවල් අඩුවෙන්නට පුළුවන් එවිට (නි)
සමලිංගිකත්වය යනු වැරදි දෙයක් නොවේ (නි)