IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අයර්ලන්ත ජනමත විමසුමෙන් සමලිංගිකයෝ දිනති

අයර්ලන්ත සමූහාණ්ඩුවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වූ ජනමත විචාරණයේදී වැඩි ප්‍රතිශතයකින් ඊට අනුමැතිය හිමිවූ බව විදෙස් වාර්තා කියයි.

සමලිංගික කාන්තා හා පිරිමි විවාහ සඳහා එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 62%ක පමණ ප්‍රතිශතයක් කැමැත්ත පළ කරමින් සිය ඡන්දය භාවිතා කර තිබිණි.

සමලිංගික විවාහ නීතිගත කිරීමට ප්‍රසිද්ධ ජනමත විචාරණයක් පැවැත්වූ ලොව පළමු රට ලෙස අයර්ලන්තය ඉතිහාසගත වන බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙයි.

අයර්ලන්ත අගමැති එන්ඩා කෙනී පැවසුවේ පුංචි රටක් සමානාත්මතාවය ගැන ලොකු පණිවිඩයක් ලෝකයට දුන් බවයි.

සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට පත් කැර වසර 22 කට පසුව මෙම ජනමත විචාරණය පැවැත්විණි.

web

web2



අදහස් (0)

අයර්ලන්ත ජනමත විමසුමෙන් සමලිංගිකයෝ දිනති

මාපලගම පත්මා Sunday, 24 May 2015 02:15 PM

සමලිංගික සේවනය ලෝකයේ ඉතා අතීතයේ සිටම පැවතෙන දෙයක්. මෙය අලුත් දෙයක් නෙමෙයි ලෝකයට (නි)

:       0       0

මිගාර සංජීව බෙන්තොට Monday, 25 May 2015 04:16 AM

ජයවේවා! මම නම් කැමතියි ඔය නිදහස ලංකාවට එනවා නම්. සමලිංගිකයෝ කියන්නේ වැරදි අය නෙමෙයි. එයාලටත් අයිතියක් තියනවා අනික් අයට වගේ. (නි)

:       0       0

නිහාල් Sunday, 24 May 2015 03:37 PM

මේක අපේ රටේ පාර්ලිමේන්තුවෙන් පහසුවෙන් සම්මත කර ගන්න පුළුවන්. මේක බේත් සොයා ගත්තු නැති ලෙඩක් සමහර මැදපෙරදිග රටවල සම ලිංගික අහුවුනොත් බෙල්ල කපනවා. සම ලිංගික ලෙඩේ නැති රටක් නැහැ. බෝ නොවෙන රෝගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ (නදී)

:       0       0

පසිඳු Sunday, 24 May 2015 03:50 PM

ප්‍රියානි ගැන මට නොයෙක් දේ හිතෙනවා (නි)

:       0       0

පහන් Sunday, 24 May 2015 06:33 AM

මේ රටවල්වල පවතින ආගම් මේ සදහා පසුබිම සකස් කරන බව නොරහසක් . බල්ලො බල්ලො අතරේවත් නැති දෙයක් නේ මේක (බ)

:       0       0

රජින්ද Sunday, 24 May 2015 07:01 AM

ලෝකය මේ යන්නේ විනාශය වෙත බැවින් එහි වර්ධනයක් මිස අඩුවීමක් කෙසේ බලාපොරොත්තු විය හැකිද. ත්‍රස්තවාදය, අන්තවාදය, පරිසර දුෂණය හා මෙවැනි සමාජ විකෘර්තීන් කියා පාන්නේ මානව වර්ගයා තම ජාන වලට කෙතරම් නම් දැවැන්ත අභියෝගයක් එල්ලකර ඇති බව නොවේද.(බ)

:       0       0

නඩරාජා Monday, 25 May 2015 05:20 AM

ඔන්න රනිල් මහත්තයගෙයි, මංගල මහත්තයගෙයි ඡන්දෙත් ලැබුනා කියා හිතාගන්න කෝ (නදී)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 07:39 AM

කොසොල් රජු දුටු පිරිහීමේ සිහින සබෑ වීමක්. (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 24 May 2015 07:43 AM

ලෝකෙටම දීලා තියෙන පණිවිඩේ නම් මරේ මරු. මිනිස්සු ජාති ආගම් වශයෙන් කල්ලි බෙදිලා සටන් කරනවා වගේ මෙයාලත් කවදාහරි වෙනම සමලිංගික රටක් ඉල්ලලා සටන් කරයිද දන්නේ නැහැ.(බ)

:       0       0

ප්‍රියානි Sunday, 24 May 2015 08:35 AM

අදහස් දාපු 4 දෙනාම ලෝක ගැන නොදන්නා, මෝඩ කම ප්‍රදර්ශනය කරන කට්ටියක් බව පේනවා (ම)

:       0       0

රසිකා Sunday, 24 May 2015 08:54 AM

ආර්ථික දියුණුවෙන් පසුව මේ රටවල මිනිසුන් කල්පනා කරන්නේ සමාජය හැමෝටම එක හා සමානව සලකන්න නීති ඇතිකරන්න. මිනිස්සුන්ගේ අයිතින් දිනාගන්න. ලංකාවේ මිනිස්සු තවම "කොසොල් රජ්ජුරුවන්ගේ" හිර වෙලා. (බ)

:       0       0

පහන් Sunday, 24 May 2015 09:02 AM

කාමය වැරදි ලෙස හැසිරීමට මේකත් අයිතියි . (ත)

:       0       0

කමල් Sunday, 24 May 2015 09:24 AM

ලංකාවේ මිනිස්සු තාම ඕක පිළිකුල් කරනවා (බ)

:       0       0

කමල් Sunday, 24 May 2015 09:33 AM

මට හිතෙනවා මේ ලෝක විනාසයක ආරම්භයද කියල. තනි ඇහැට ඇඩෙනවා (ත)

:       0       0

රිකී Sunday, 24 May 2015 06:11 PM

සමලිංගික ආදරය සහ සමලිංගික ලිංගිකත්වය කියන්නෙ දෙකක්ත ලංකාවේ අය ගොඩක් දන්නෙ ලිංගිකත්වය විතරයි. මේකේ මම වරදක් දකින්නෙ නැහැ. කාටවත් හානියක් වෙන්නෙ නැත්නම් සමලිංගිකත්වයේ වරදක් නරහර. ඒ අයත් මිනිස්සු (නි)

:       0       0

චාමික Sunday, 24 May 2015 09:47 AM

අපිට පුද්ගලිකව අප්‍රසන්න වුනත් ඒ මිනිස්සුන්ටත් තමුන්ගේ කැමැත්තට නිදහසක් ලැබීම හොඳ දෙයක්. ලංකාවේ ඉන්නේ කොහොමටත් ලෝකෙට පේන්න සුදු පිරුවටේ ඇදගෙන හොරෙන් ඔක්කොම වැරදි කරන අයනේ. ඒ අයගේ කතා එතරම් වැදගත් වෙන්නේ නැහැ. (බ)

:       0       0

චාමිලා Sunday, 24 May 2015 10:15 AM

පුද්ගලිකව මම සමලිංගික සේවනයට තරයේම විරුද්ධයි. නමුත් ලෝකයේ වැඩිම ඉක්මනකින් ජනගහන වර්ධනයක් සිදුකරන එක ආගමික කොට්ටාසයක් සමලිංගික සේවනයට ඇබ්බැහි කරවීමට හැකිනම් එය ලෝකයට විශාල යහපතක් බව කිව හැකියි. (බ)

:       0       0

සෙනරත් Tuesday, 26 May 2015 03:47 AM

ප්‍රියානි, ඔබ කැමති ඔබේ දරුවන් සමලින්ගිකයින් විවාහ කර ගන්නවටද නැත්නම් විරුද්ධ ලිංගිකයින් විවාහ කර ගන්නවටද? සමලිංගිකයින් විවාහ කරගත්තොත් මුණුපුරන් දකින්න වෙන්නේ නැහැ ඔබට. (නදී)

:       0       0

ලලිත් Sunday, 24 May 2015 08:18 PM

ප්‍රතිශතය 100% උනොත් වර්ගයා බෝවීමක් නොමැත. මෙය භයානක දෙයක් .පිරිහීමක්. ප්‍රියානිලාට, පත්මලාට හොඳයි (නදී)

:       0       0

කමල් Sunday, 24 May 2015 10:45 AM

චමිලා, මම ඔබ අනුමත කරමි (බ)

:       0       0

විජිත Sunday, 24 May 2015 10:49 AM

පහන් මල්ලි, මෙරටේ ඉන්නේ තද ක්‍රිස්තියානි ජාතිකයෝ.මේගොල්ලෝ උදේ හවස පල්ලි යන රෝමානු ක්‍රිස්තියානි ජාතියක්. ඒ ආගමේ සමලිංගික සම්බන්ධයන් සම්පුර්ණයෙන්ම තහනම්. නමුත් මේ ජනතාව ආගමේ ඉගැන්වීම් නොසලකා හැරපු විශේෂ අවස්ථාවක් මේක. (බ)

:       0       0

විජිත Sunday, 24 May 2015 10:48 AM

යුරෝපයේ මිනිසුන් කොපමණ දුකේද ජීවත් වෙන්නේ කියල තේරෙන්න අවංකව කතාකරල බලන්න මානසිකව හා ආර්ථිකව සහජීවනය ආදරය අදුනන්නේ නැහැ. යුතුකම හා අත්මාර්ථකාමිත්වය විතරයි. හැබැයි ප්‍රියානි ගැන සැකයි (බ)

:       0       0

අතුල Sunday, 24 May 2015 10:50 AM

ඇත්තෙන්ම මෙය ජනගහන පාලනයට රුකුලක් විය හැකියි. (බ)

:       0       0

ශානක Sunday, 24 May 2015 11:00 AM

තමන් කැමති කෙනෙක් එක්ක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. (ත)

:       0       0

ප්‍රියානි Monday, 25 May 2015 02:09 PM

මාපලගම පත්මා, ඔයා හරියටම හරි. අරවින්ද , මම 25 අවුරුද්දක් ඉන්නේ ජර්මනියේ. තිස්ස, මිගාර, සංජීව, බෙන්තොටලා වගේ අය ඉන්න එකට ආඩම්බරයි මට (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 24 May 2015 11:50 AM

අපි ලෝකය ගැන නොදන්නා මෝඩ පිරිසක් වෙන්න ඇති.නමුත් ඇයි ප්‍රියානි ඔයාට තරහාගියේ අපි එහෙම කිව්වහම? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 24 May 2015 12:12 PM

අපේ රටේ ඡන්දයක් තිබ්බොත් මොනවා වෙයිද? (නි)

:       0       0

සඳුන් Sunday, 24 May 2015 12:23 PM

චමිලාගේ කතාව නම් නියමයි. (නි)

:       0       0

නිවන්තක Sunday, 24 May 2015 12:29 PM

ජයවේවා! (නි)

:       0       0

අරවින්ද Monday, 25 May 2015 02:49 AM

ප්‍රියානි , ඔය ආසද එකට එහෙනම් යන්නකෝ එයාලගේ රටටම .(ම)

:       0       0

රිචි බාලසුරිය Monday, 25 May 2015 04:07 PM

ලංකාවේ බහුතරය අඩුම ගණනේ තම පාසල් කාලයේ හෝ තරුණ කාලයේ ඔය අත්දැකීම විඳ ඇති. මමත් ඔය දෙය පාසල් කාලයේ කළා. මෙයට විරුද්ධව ප්‍රතිචාර දමන බොහොමයක් හදවතින් නෙමෙයි ඒවා ලියන්නේ (නි)

:       0       0

නිරාන් Sunday, 24 May 2015 12:39 PM

සුද්දෝ අපේ සංස්කෘතිය නැතිකිරීමට විසල් අරගලයක් ඇතිකළා. මේ කරන්නේ මිනිස්කම මේ ලෝකෙන් තුරන්කිරීම ආරම්භ කිරීමයි. හරිම අප්‍රසන්න හැඟීමක් මේක (නි)

:       0       0

සරත් Monday, 25 May 2015 03:17 AM

මේක විනාශයක මුල. අනුමත කරන්න බැරි වැඩ මේවා (නි)

:       0       0

ටිකිරි Monday, 25 May 2015 03:18 AM

ළදරු අවදියේදී ත්‍රිත්ව එන්නත දෙනවා වගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සමතුලිත කළහැකි තවත් එන්නතක් දුන්නා නම් ඔය ප්‍රශ්නය අවුරුදු 20 කින් විසඳිලා යාවි. (නි)

:       0       0

සිල්වියා Sunday, 24 May 2015 01:24 PM

විජිත හරි. මේ රට තද රෝමානු කතෝලික ජනතාවක් ඉන්න රටක්. ඒ වෙනුවෙන් තමා ඉතිහාසේ එංගලන්තයත් සමග යුද්ධයට පැටලුනේ.නමුත් මේ මිනිස්සු තමන්ට තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න නීත්‍යානුකූලව තිබෙන අයිතිය පෙන්නුම් කළා. මෙය ආගමේ ඉගැන්වීම් වලට පටහැනි නමුත් ඒකේ තේරුම ඒ මිනිසුන්ට ආගමක් නැහැ කියන එක නෙමෙයි (නි)

:       0       0

සුලෝචන Sunday, 24 May 2015 01:26 PM

ඔවු ඉතින් මේකේ ඇති වැරැද්දක් නැහැනේ (නි)

:       0       0

මාලක Monday, 25 May 2015 03:42 AM

මේක මිනිස්සුන්ගේ අයිතින් ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක ලෝක ජනගහන වර්දනය හා ජන සංතුලනයට බරපතල ලෙස හානිකරන වෙනසක ආරම්බයක් වගෙයි මට පේන්නේ. (නදී)

:       0       0

සෙනරත් Monday, 25 May 2015 03:44 AM

පිරිමි සමලිංගිකයින් මාර්ගයෙන් එච්. අයි. වී. වයිරසය ඉතා ඉක්මනින් බෝ වන බව බොහෝ දෙනෙක් නොදන්නවා වගෙයි. දැනට ලංකාවේ ළමුන්ගෙන් විශාල පිරිමි ළමුන් ප්‍රමාණයක් විදේශික සමලින්ගිකයින් සතුටුකර මුදල් ඉපයීමට යාම නිසා මෙම වයිරසයට ගොදුරු වී ඇති බව සොයාගෙන ඇත. (ම)

:       0       0

චින්තක Sunday, 24 May 2015 01:32 PM

එකම දෙය අපේ රටට ඔය විගඩම් බෝකරගන්නේ නැතුව ඉන්න එකයි (නි)

:       0       0

සෙනරත් Sunday, 24 May 2015 02:01 PM

අපේ රටේ යුරෝපය දෙසට නමස්කාර කරන්නවුනට තවත් අලුත් දෙවු විමනක් දැන් හිතේ මැවෙනවා ඇති. (නි)

:       0       0

මනහර සමීර Sunday, 24 May 2015 02:10 PM

අපේ ලංකාවෙත් ඔය සමලිංගික විවාහය හෝ සමලිංගික සේවනය නීතිගත කරනවා නම් හොඳයි. ළමා අපචාර වැනි දේවල් අඩුවෙන්නට පුළුවන් එවිට (නි)

:       0       0

තිස්ස Monday, 25 May 2015 04:16 AM

සමලිංගිකත්වය යනු වැරදි දෙයක් නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 463 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2215 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1667 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site