බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී)

අයි.එස් සංවිධානයේ පාලනය යටතේ තිබූ සිරියානු දේශසීමාව සමඟ පිහිටි ප්‍රදේශයක බලය නැවත සියතට ගැනීමට සමත් වූ බව ඉරාක හමුදාව කියයි. 

ඉරාක සිරියා දේශසීමාවේ ‘අල් ක්වායිම්’ හුවමාරුවේ සම්පූර්ණ බලය සියතට ගැනීමට ඉරාක හමුදා සමත් වූයේය යැයි නිවේදනයක් නිකුත් කරමින් ඉරාක ඒකාබද්ධ හමුදාවේ අණදෙන ඒකකය පවසයි. 

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදා 2014 වසරේ සිට මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සටන්කාමීන් 1,500කට වැඩි පිරිසක් මෙම ප්‍රදේශයේ සිටින බව වාර්තා වී තිබිණි.