උතුරු ඉරාකයේ කිර්කුක් හි කුර්දි සටන්කාමීන්ගේ කදවුරකට බෝම්බ පිරවූ මෝටර් රථයකින් කඩාවැදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අයිඑස් සටන්කාමියෙකුට සිදුවූයේ කුර්දි සටන්කාමීන් මග අටවා තිබූ බෝම්බයකට හසුව මෝටර් රථයත් සමග ගුවන්ගත වීමටය.

පොළවේ වළලා තිබුණු බෝම්බයට හසුවූ මෝටර් රථය අඩි සියයක් පමණ ඉහළට විසිවූ අතර එය නැවත පොළව බලා පැමිණෙමින් තිබියදී එහි සවිකර තිබූ බෝම්බ කි‍්‍රයාත්මක වීමෙන්දෝ පුපුරා මහා ගිනිජාලවක් බවට පත්ව විනාශ විය.

මෙම සිදුවීම කුර්දි කදවුරේ සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබිණ.

අයිඑස් සටන්කාමීන් මේ දිනවල එල්ල කරන ප‍්‍රහාරයන් අසාර්ථක වෙමින් යන රැල්ලක් පෙනෙන්නට තිබෙන අතර අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවන් බොහෝමයක ඔවුන් දෝශ සහිත අවි භාවිතා කිරීමට ගොස් වැඩ වරද්දාගන්නා අයුරු සටහන්ව තිබේ.

සිරියාවට අනතුරුව අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් වඩාත්ම බැට කමින් සිටින්නේ ඉරාකයයි.කෙසේනමුත් ඉරාක බළධාරීන්ට අනුව ඉරාක ආරක්ෂක අංශ අයිඑස් ත‍්‍රස්තයින්ව ක‍්‍රමයෙන් මර්දනය කරමින් සිටී.

සටන් සදහා තමන්ට විදෙස් රටවල සහය තවදුරටත් අවැසි බව ඔවුන් කියයි.

දැනට භූමියේ සටන් වැද සිටින්නේ ඉරාක හා කුර්දි ආරක්ෂක අංශ පමණක් වන අතර ඇමරිකාව,බි‍්‍රතාන්‍යය හා ප‍්‍රංශය වැනි රටවල් අයිඑස් අන්තවාදීන් මර්දනය කිරීම සදහා ගුවන්ප‍්‍රහාර වලින් දායක වේ.

ඇමරිකා ජනපති බැරක් ඔබාමා ඉරාකයට අනුයුක්ත කර තිබෙන ඇමරිකා සොල්දාදුවන් ප‍්‍රමාණයද ගණනින් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

278D5E3C00000578-3038067-im 278D191D00000578-3038067-im 278D192200000578-3038067-im