අයිඑස් ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා මග පාදා ගනිමින් රුසියාව සිරියාවට හමුදා යැවීමට තීරණය කරයි.
රුසියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය මේ සඳහා වන යෝජනාව අනුමත කළේය.
රුසියාව මෙම තීරණය ගත්තේ යුද ආධාර සපයන ලෙස සිරියාව කළ ඉල්ලීමක් අනුවය. ක්‍රෙම්ලිනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සර්ජියේ අයිවනෝව් පැවසුවේ රුසියන් පාබල හමුදා සිරියාවට නොයවන නමුත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.
ත්‍රස්ත විරෝධී පුළුල් හවුලක් ඇති කරගත යුතු යැයි රුසියා ජනපති වැල්ද්මීර් පූටින් කීවේය. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ට එරෙහිව මිත්‍ර හමුදා එක්වූ ආකාරයෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ත්‍රස්ත විරෝධී රටවල් එක්විය යුතු යැයි පූටීන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කීවේය.
සිරියාවට හා ඉරාකයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ හවුලක් වසරක පමණ සිට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඇමරිකාව හා ප්‍රංශය සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර අන්තර්ජාතික නීතියට පටහැනි යැයි රුසියාව කියයි.
එක්සත් ජාතීන්ගේ යෝජනාවකින් හෝ සිරියාවේ ඉල්ලීමකින් එවැනි දෙයක් සිදු නොවීම ඊට හේතුව බව රුසියාව පවසයි. සිරියා ජනපති බසීර් අල් අසාද් පැවසූයේ තමා නිල වශයෙන් මොස්කව් යුද සහාය ඉල්ලා ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමිත නොදන්නා දේවල් ඔයා නොදොඩා ඉන්න තරමට හොදයි ..? මා කීවේ උදේ හවස මා දකින දේ සහ අපේ රටේ ප්‍රශ්නය අපි විසදා නොගන්න අදටත් බටහිර ටවල් එල් ,ටී ,ටී යට ආයුධ විකුනනවා අපේ අසරණ වැසියෝ මැරෙනවා. ඒ ප්‍රශ්නේ විසදා ගත් අපිට ..දැන් මානව හිමිකම් ගැන පාඩම් කියල දෙන්න එන්නෙත් ඒ පාඩම් කටුගාපු බටහිරය සහ යුරෝපය, අපේ රටෙත් තෙල් ආකාර තිබුනානම් එදා ඔය හැමෝම එකතුවෙනවා යුද්දේ ඉවර කරන මුවාවෙන්..?ඒ ත් මහින්ද මහත්තයාගේ එඩිතරකම එදිරියේ පහලට වැටුන ඇමරිකා යුධ පවුර්ෂය, පළිගන්න යොදපු එකම උපාය තමයි ලංකාව මානව හිමිකම් උල්ලංගනය කළා කියන යකඩ බෝඩ්එක, කොටි බෝම්ම ගහල අසරණ මිනිසුන් ලක්ෂ ගණනින් මරල දමපුවා හොදයි...? දැන් අයි, එස්, අයි , කරන්නේ එල් ටී ටී කරන දේමයි ..? එ්ත් ඇමරිකාව සහ දියුණු රටවල් මේ ඉස්ලාමිය සටන් කරුවන් පාලනය කරන්නේ .. නැතිනම් විනාශ කරන්නේ ඇමරිකාව සහ යුරෝපා බලවත් රටවල්. ඒ සටන් කරුවන්ට මිසයිල ගහල අසරණ වැසියන් මැරුණට මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ නැතිද ? දරු පැටව් මැරුණට කෑ මොර දෙන්න කෙනෙක් නැහැ, ලෝකේ කව්රුවත් නැහැ ඇමරිකාවට එරෙහිව යුද අධිකරණයන්ට ගෙනියන්න, අන්න එතනයි වෙනස් කරන්න ඕනේ ? (බ)
රුසියාවේ තියෙන්නේ කපීර් නෙමේ මිග් යානා. (ර)
ත්‍රස්තවාදයට නම් කිසිම බුරුලක් දෙන්න එපා (නි)
"මේඩ් ඉන් යූකේ" කියලා තිබුණේ චීනයේ හදපුවද එතකොට? (නි)
රූපවතීටත් තියෙන ප්‍රශ්න? (නි)
රුසියානු කෆීර් නියමුවෝ තමයි මුලදී අපේ රටට උදවු කලේ. ඒක අමතක කරන්න හොඳ නෑ. (ර)
සටන්කාමීන් සමඟ සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගැනීම යුද්ධයට වඩා හොඳයි (නි)
මෙතන කවුරුත් දන්නේ නැහැ වගේ රුසියාව මොනවද කරන්නේ කියලා. ඉවසලා ඉන්නකෝ ටිකක් (නි)
අයි එස් අයි එස් කාරයන්ට ගැහුවට වැඩක් නෑ.වැඩිපුර මිය යන්නේ අහිංසක ජනතාවයි.(හේ)
පුටින්ට ශක්තිය ධෛර්ය ලැබේවා (හේ)
අයි එස් ලා නැතිම කරලා දන්න ඕනේ.(හේ)
ශාන් අයිය සහ ගාමිණී ..අනේ පුලුවන්නම් මට මේ සුමුදුගෙ ගෙදර ඇති දිශාව ටිකක් හොයල කියන්නකෝ...? ගූගල් එකෙන් සිතියමේ නිවස ටිකක් ලකුණු කරලා එවන්න..? (බ)
මේ අයට වදිනකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නේ. නැත්නම් ඉල්ලන්නේ ෂරිය නීතිය. (හේ)
ජනක රුසියාවේ කෆීර් යානා නැහැ, කෆීර් යානාව නිෂ්පාදනය කරන්නේ ඊස්රයල්වල. (ර)
රුසියාවට ජයවේවා! (නි)
ඇමරිකාවෙන් රුසියාවෙන් බැරිනම් මුරුසියෙන් හරි කමක් නැහැ දෙන එක දෙන්න ත්‍රස්තවාදීන්ට දැනෙන්නම. ත්‍රස්තවාදය කියන්නේ පිළිලයක් (නි)
මේ ජනකලා වගේ තව කීදෙනෙක් ලංකාවේ ඉන්නවද දන්නෙ නැහැ (නි)
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමේදී මේ ගැන පුටීන් මහතා ප්‍රකාශ කිරීම ගැන මා ඉතාමත්ම උද්දාමයට පත්වෙනවා.මොකද ? ඇමරිකාව, සහ බ්‍රිතාන්‍ය , හවුලේ මේ මා සිටින යුධ බේස් එකේ සිට දිවා රෑ මිසයිල ප්‍රහාර එල්ල කරනවා. එවිට සාමානය වැසියෝ මැරෙන්නේ නැද්ද? ඒ ප්‍රහාරයන්ට රුසියාවෙනුත් මිසයිල ප්‍රහාරයන්ට අතදෙනවයි යන පුටින්ගේ කියමන ඇමරිකාවට කිණිසි පහරක්මය. ත්‍රස්ත මර්දනය කළ එකම රට වශයෙන් ලෝක පුජිතව සිටින එඩිතර ශ්‍රී ලංකාවට යුධ අපරාධ කළ වගට චෝදනා කරන බටහිර යුරෝපා දියුණු යැයි කියාගන්නා වැදගත් රටවල්, කරන අපරාධ වලට උල්ලංගනය වෙන මානව හිමිකම් වලට උත්තර දෙන්න තිබුනා, පුටින් කිවුවා වගේම ලංකාවත් ප්‍රහාරක යානා දෙක තුනක් යැවුවා කියලා ඔතන කිවුවා නම්. (නි)
කෆීර් යානා නිෂ්පාදනය කරන එකම රට ඊශ්‍රායලය වග මාත් අසා දැනුවත්ව ඇත්තෙමි! (නි)
වසීර්,මෙතන කතාකරන්නේ යුද්ධයක් මිස ආගමක් ගැන නොවෙයි.නිකම් වලිගෙ පාගාගෙන මෙතන නැති ප්‍රශ්න ඇති කරන්න එපා. (නි)
සුමුදු,මේ රූපවතී කියන්නේ කවුද කියලා මම දන්නවා (නි)
පුටින් මම කැමතිම දේශපාලකයා. අපිටත් මේ වගේ නායකයෙක් ලැබෙනවා නම්... (නි)
නියමයි.රුසියාවට ජයවේවා! (නි)
රූපවතීට එයා පැරදුනු එකට දුකයි වගේ. එල්ටීටීය පාවිච්චි කළේ චීනයේ නිෂ්පාදිත ආයුධ (නි)
ත්‍රස්තවාදය මේ ලොවින් තුරන්වේවා! (නි)
ඇයි මොහාන්? ඇමරිකාවේ හා බටහිර ආසියාවට වඩා සිය ගුණයක් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා තමා... ඔබ වැස්සකට වත් ඒ රටකට ගොඩ වෙලා තියෙනවද? (බ)
මේවගෙන් අපි වැඩිය උද්ධාමයට පත්වෙන්න ඕන නෑ, මොකද කාගෙ කාගෙත් තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර මිසක් යුද්ධයෙන් බැට කන රටවල්වලට තියන ආදරය නෙවෙයි. පාට කන්නාඩි ගලවලා බලන්න. එතකොට යථාර්තය පෙනෙයි. (ර)
ලෝකෙම අවුල් ජාලාවක් වෙලා. (ර)
කොහොම වුණත් රුසියාවත් මේ වගේ වැඩ වල ඉන්න ඕනෑ. නැත්නම් ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වගේ ඇමරිකාව හැම රටටම හොටදාලා මිනිසුන්ට ඉන්න හිටින්න තැනක්වත් නැති කරාවි. (නි)
එල් ටී ටී ය පාවිච්චි කළේ දියුණු බටහිර රටවලින් හා යුරෝපා රටවලින් මිලදී ගත් ආයුධ බව මුළු ලෝකෙම දැන ගත්තත් අපේ සාගර කොලුවා ලීයක් කපාගන්න ගහක් හොයාගන්න බැරිව තවත් කැලේ පීරමින් කොහේදෝ ඉදන් බෙරිහන් දෙනවා ..? (බ)
අයියෝ අනිල් සොයුරයි සුමුදුයි මගේ හොද යාලුවෝනේ මම මේ දෙන්නවම දන්නවා ..? සුමුදු මම මෙහෙ ඉදන් මේ මැල්ලුමකට පලා කොළ ටිකක් කඩන්න ආවා ..? (බ)
රූපවතී කියන්නේ අර වංශෙ කව්රු හරි වෙන්න ඇති. (බ)
යුද්ද ඇති කරලා අපහු ඒ රටවල් වලට ප්‍රජාතන්ත්‍රය හඳුන්වලා දෙන්න ඇමෙරිකාව හරි ප්‍රසිද්දයි. බලන්නකෝ ඉරාකයේ ලිබියාවේ මිනිස්සු අද තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ රස විඳින හැටි .. ඒ ගොල්ලන්ගේ ගුවන් ප්‍රහාර වලින් සිවිල් මිනිස්සු මැරෙනකොට ඒවා අත්වැරදීම් .. අපි අතින් වුණොත් යුධ අපරාධ මේගොල්ලන්ගේ මේ දෙබිඩි පිළිවෙත අපි තේරුම් ගන්න ඕනේ (අ)
ඔව් බණ්ඩාර, ජනකට පොඩි පැටලිල්ලක් වෙලා. රුසියන් නියමුවෝ හිටියේ මෙහෙ. ඇන්ටනොව් යානාවල. ඒවා එයාලගේ සාඩම්බර නිෂ්පාදන (ඉඳහිට එකක් දෙකක් කඩාගෙන වැටෙනවා නම් තමයි) (නි)
ත්‍රස්තවාදීන් කවුරු වුනත් ඔවුන්ව විනාශ කිරීම අත්‍යවශ්‍යයි. (ස)
ත්‍රස්තවාදය ලොවටම පිළිලයක් (නි)
අනුර, ඔබේ ප්‍රස්ථා පිරුළ වැරදියි. 1989 පස්සේ රුසියාව තවදුරටත් මහා බලවතෙක් නෙමෙයි. ඔවුන්ගේ රට ලෝකේ විශාලම ආර්ථික රටවල් 10 අතරවත් නැහැ. අනෙක මැදපෙරදිග මිනිස්සු අවතැන් වෙන්නේ ඇමරිකාවේ වරදින් නොවේ (නි)
රූපවතී, දන්නා දෙයක් කතාකරන්න. ත්‍රස්තවාදීන්ට බටහිර රටවල් මිසයිල ප්‍රහාර නොගහන්න ඔවුන් මුලු අරාබියම යටත් කරගෙන. අනෙක ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුලු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් වෙලා තියෙනවා නම් ඒවා සෙවිය යුත්තේ දෙමළ වැසියනුත් අපේ පුරවැසියන් නිසා (නි)
ලෝක බල වතුන්ගේ කෙළි බිමක් උණ රටක්. (ර)
මොකක්ද මේ රූපවතී කියන්නේ "මේ මා ඉන්න යුධ බේස් එකේ"කියලා.මෙයා මක්කරනවාද යුධ බේස් එකට වෙලා. (නි)
කට්ටිය රුසියාව ගැන දන්නේ බොහොම අඩුවෙන් ආර්ථික බලවතුන් අතර නෑ කියන්නේ බටහිරට ලදී ආයතන අනික මේ තෙල් මිල වට්ටන්නෙත් රුසියාව වට්ටන්න අනික රුසියානු නියමුවෝ කළේ අපේ අයව පුහුණු කරපු එක විතරයි(අ)
ත්‍රස්තවාදීන් මොන රටේ හිටියත් ඉවරයක් කරන්න ඕනේ නැත්නම් අහිංසක මිනිස්සු තමියි මැරෙන්නේ, මුළු ලෝකෙන්ම අතුගාලා දාන්න ඕනේ පව් කාරයන්ව. (ර)
අපේ රුපවති අක්කට මුකුත් කියන්න එපා හරිය එයා අපේ පරණ සාමාජිකාවක් (අ)
අයිඑස් ට දැන්නම් තේරෙයි වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)
අහමඩ් ඇමරිකාව හා බටහිර රටවල් වල තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයද? ලිබියාවේ ඉරාකයේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයද? නුවන් අයිඑස්අයිඑස් මුජහිදීන් තලේබාන් ඇතිකළේ කවුද? ඇමරිකාව නෙමෙයිද? (අ)
නුවන්, දන්න මගුලක් කතා කරන්න. රුසියාවට නිශේධ බලය කියල එකක් තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද ? (බ)
අවි ගත්තෝ අවියෙන්ම නසිති ඔවුන් මැඩලීමට ඉදිරිපත්වන්නෝ මානව හිමිකම් නිසා නසිති.(ම)
රූපවති හරි, මමත් බොහෝ දවසකට පස්සේ මේ සාකච්ඡා බලන්නේ. අමතක කරන්න එපා. රුසියාව දේශපාලනව හරි, භූගෝලීය හරි වාසියක් බලාගෙන නොවෙයි පොඩි රටවල් වලට ඇමරිකාව සහ බටහිර රටවල් කරන අතපෙවීම් වලට විරුද්ධ වුණේ.හරි හෝ වැරදි හෝ ජේ.ආර් පාලනය තිබියදීත් මේ වගේම මානව හිමිකම් ගැන අපිට තහංචි දමන්න ආ කාලේ, අපි වෙනුවෙන් හිටියේ රුසියාව සහ චීනය පමණක් බව ඉතිහාසය දන්නා ටික දෙනෙක් දන්නවා. (නි)
එකක් මතක තියාගන්න. පහරදෙන්නා බලවත් නම්, ලෝකයේ වෙනත් රටකදී හෝ ඔහු අතින් සිදුවන වැරදි දේවල් අත්වැරදීම් ලෙස සහ අපි වගේ පොඩි රටවල් අපේ රටේම ත්‍රස්තවාදය නිමකළාම පහරදීමේදී සිදුවූ වැරදි මානව හිමිකම් උල්ලංගනය කිරීමක් ලෙස තමයි අර්ථකථනය කරන්නේ. රුසියාව හෝ චීනය ඔවුන්ගේ බලවත් හඬ නිසා මේ වෙලාවලදී කතාකරන එකත් අපිට මොනම හෝ අයුරකින් සහයෝගයක් නොවේද. (නි)
නැපෝලියන්,හිට්ලර් වැනි නායකයින්ට වැරදුනේ රුසියාවට පහර දීලා (බ)
මරු (බ)
අයිඑස් නැතිවුණාට ඇමරිකාවෙන් වෙන කට්ටියක් පුරුදු කරයි. හැමදාම එයාලා කරන්නේ ආයුධ දීලා පුරුදු කරලා ඊටපස්සේ ත්‍රස්තවාදියෝ කියලා රටවල් විනාශ කරන එක. අල්කයිඩා, අයි.එස්.අයි.එස් ඕවා ඔක්කොම ඇමරිකාවෙන් කරපු විනාශ තමා. (නි)
බලාගෙන ගියාම අපේ කොල්ලෝ කුරුට්ටෝ ටික නම් රූපවතීට එච්චර මනාපයක් නැහැ වාගෙයි.රුපවතී ඉන්නවා කියන්නේ යුද බේස් එක්කලුනේ.ඒ නිසා හැරෙන තැපෑලෙන්ම ඇටෑක් එක දෙයි මම හිතන්නේ. (නි)
අහමඩ්ට තියෙන්නේ ශියා සුන්නි ප්‍රශ්නයක් සවුදිය සිරියාවේ ත්‍රස්තයන්ට උදවු කරන්නෙත් ඔය හේතුව නිසානේ (ම)
රුසියාවට ජයවේවා! (නි)
රුසියාව කියන්නේ හොඳ මිනිස්සු ඉන්න අසාධාරණයක් නැති රටක් (නි)
ඇමරිකාව ලංකා හමුදාවට යුද්ධය වෙනුවෙන් කොච්චර ආධාර දුන්නද කියලා පුලුවන් නම් අන්තර්ජාලයෙන් කියවලා බලන්න (නි)
රුසියාවට තියෙන්නේ ත්‍රස්තවාදීන් කුඩු කර දමන්ඩ. ජයවේවා. පාබල හාමුදාවත් ගියොත් හොඳයි රුපවති අක්කේ. (බ)
ඇයි අනේ කෆීර් ගැන විතරක් කියන්නේ වයිබර් කියන්නේ නැත්තේ අර නෝනා කිව්වේ වයිබර් තාක්ෂණයෙන් ආණ්ඩුව පෙරලුවේ කියල .වයිබර් ඊශ්‍රායල් නිෂ්පාදනයක් අයිතිය තියන තුන්දෙනාම යුදෙව්වන් .මගේ පරමාදර්ශී රට . (ස)
දැන් බලමු සාමයේ ආගමේ දේව දුතයෝ රුසියාවෙන් ඉල්ලගෙන කන හැටි! (හේ)
හොද වැඩේ.(හේ)
රුසියාව දැන් ලෝකය පුරා යුධගිනි අවුලනවා.යුක්රේනයේ සටන්කාමීන්ට එළිපිට ආධාර දෙනවා. (නි)
මේවා ඔක්කොම පුද්ගලික න්‍යාය පත්‍ර.. ඇමෙරිකාවට ඕන ලෝක බලාවතා වෙන්න.. රුසියාව ඇමෙරිකාව ගණන් ගන්නේ නෑ.. කොහොම වුණත් ත්‍රස්තවාදය නැති කරන්න සහය දෙන එකනම් කව්රු කරත් හොද දෙයක්.. ජය වේවා.. ලංකාවටත් ජය වේවා.. රුසියාව වගේ කෙලලා අරින්න.. ජය වේවා රුපවති නගා.. (අ)
රුසියාව කියන්නේ අසාද් වැනි ඒකාධිපතියන්ට සහය දෙන රටක්... ඇමරිකාව හා බටහිර දරන මතය අයි.එස් ත්‍රස්තයින් මෙන්ම ඒකාධිපති අසාද් ද බලයෙන් පහකොට ජනතා ඡන්දයෙන් තෝරාගත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් සිරියාවේ බලයට පත්විය යුතුයි යන්නයි....(හේ)
රුසියාවට ජයවේවා! (නි)
සාමාන්‍ය ජනතාව නැතිනම් විනාඩි 45 කින් මෙම කණ්ඩායම ලෝකයෙන් තුරන් කරන්න හැකියාවක් තිබේ කියා තිබුනා දැක්කා. (හේ)
එල්.ටී.ටී.ඊ. එක විවිධ රටවල නිෂ්පාදනය කළ ආයුධ භාවිතා කළා. මතකද ප්‍රභාකරන් පවත්වපු ජාත්‍යන්තර මාධ්‍ය සහභාගි වුණ මාධ්‍ය සාකච්ඡාව? එතනදී ප්‍රභාකරන්ට ආරක්ෂාව සපයපු එල්.ටී.ටී.ඊ. එකේ අය අතේ තිබුනේ ඇමෙරිකානු නිෂ්පාදිත එම්- 16, එම්-5 ගිනි අවි. (නි)
කිසි උගත්කමක් නැති එක් කණ්ඩායමක් කරන මේ වැඩේ ඔක්කොම එකතුවෙලා නවත්තන්න ඕනෑ. (නි)
ගාමිණී,ශාන් දැන් රුපවතීද යුද්දේ මෙහෙය වන්නේ.නිකම් එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව තමාගේ අදහසක් දානවානම් නේද අපිටත් අපුලක් නැතුව බලන්නට ප්‍රිය වෙන්නේ? (බ)
ඉස්ලාම් දහම යනු සාමයේ ආගමයි (අ)