IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අයිඑස් ත්‍රස්තයෝ ටියුනිසියාව කළඹති

පසුගිය සෙනසුරාදා ටියුනීසියාවේ හොටෙල් රියු ඉම්පීරියල් මාර්හබා හෝටලය අසළ වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීම පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බව මේ වන විට අනාවරණය වී තිබේ.

මුලදී තුවක්කුකරුවන් තිදෙනෙකු පමණ වෙඩි තැබීමට හවුල්ව ඇතැයි පැවසුවත් ටියුනීසියා ආරක්ෂක අංශ නිකුත් කර තිබෙන නවතම මාධ්‍ය වාර්තා වලට අනුව වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා තම සාමාජිකයෙකු යැයි තහවුරු කෙරෙන තොරතුරු නිදහස් කිරීමට අයි එස් සංවිධානය ප‍්‍රහාරයෙන් අනතුරුව කටයුතු කළ අතර මෙම පුද්ගලයා අයි එස් සාමාජිකයෙකු බව ඔහුගේ පවුලේ අය පවා දැනගත්තේ එවිට බව ටියුනීසියා මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට උමතුවෙන් මෙන් වෙරළ තීරයේ සිටි සංචාරකයින් අතරට කඩා වැදුණු තුවක්කුකරු ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට පටන්ගෙන තිබේ. අනතුරුව ඔහු හෝටලයේ පිළිගැනීමේ අංශය වෙත ගොස් එහි සිටි සංචාරකයින්ටද වෙඩි තබා ඇති අතර අවසානයේ හෝටලයේ රථගාල බලා යෑමට කළ උත්සාහයේදී ආරක්ෂක අංශ වල වෙඩි පහරට ලක්ව මරණයට පත්ව ඇත.

වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ 39 දෙනෙකු මේ වන විටත් සිටින්නේ රෝහල් ගත කර බව පවසයි. ඔවුන් අතරින් බහුතරය නිවාඩුව ගතකිරීමට ටියුනීසියාවට පැමිණ සිටි විදේශිකයින් වේ.

මෙම සිදුවීමෙන් පසුව ටියුනීසියාවේ සිටි විදේශිකයින් සියගණනින් එරටින් පිටවීමට පටන්ගෙන ඇත.

ටියුනීසියාවේ සහයට ඉදිරිපත් වීමට ජර්මනිය ඇතුලූ බටහිර රටවල් රැසක්ම ඉදිරිපත් වි ඇත. කලාපයේ පුරා ඔඩුදුවා තිබෙන ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමිය හැකි ක‍්‍රමවේදයක් ඉක්මණින්ම සකස් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි.

image[1] images[1] Tunisia[1] v2-Touristsevactuated[1]

 

 



අදහස් (0)

අයිඑස් ත්‍රස්තයෝ ටියුනිසියාව කළඹති

සුකිරි Tuesday, 30 June 2015 05:14 AM

මන් නම් කියන්නේ ඔහාට ගිය සංචාරකයන්ට ඔහොම වෙලා මදි. මොකෝ දෙයියනේ ප්‍රවෘත්ති එහෙම මුන් බලන්නේ නැල්ලුද. ලෝක සිතියමේ ඔය හරිය හැම රටකම මේ දවස් වල ගිනි කෙලි. අන්තවාදියෝ මිනි මරන්නේ කජු කනවා වගේ. එ්ත් මුන් යනවා සවාරි ගහන්ට. (බ)

:       0       0

සමීරා Wednesday, 01 July 2015 04:51 AM

සුකිරි ඔයා ලැජ්ජා වෙන්න ඕනා මේ වගේ නරුම කතාවක් කියපු එකට. ලෝකය තියෙන්නේ මිනිසුන්ට ඇවිදලා බලන්නයි. එහෙම නැතුව පිස්සු බල්ලලෝ වගේ මිණි මරන්න නෙමෙයි. ඒ වගේම මිනීමරුවන්ට ඉඩ ඇරලා හිටියොත් උන්ටම මේවා අයිති වෙයි ඒකාලේ ලංකාවෙත් මෙහෙම මැරුවා. ඒත් සංචාරකයෝ ආවා අපි හරි උණුසුමෙන් ඒ අය පිළිගත්තා ඒ තරම් අමාරු කාලෙත් අපේ රටට ආපු එක ගැන සතුටට (නදී)

:       0       0

පහන් Tuesday, 30 June 2015 11:04 AM

මේ මිනි මරුවා දියා රක්ෂණය අරගෙනද දන්නේ නැහැ ආවේ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 479 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site