ඇමරිකාවේද සහය ලබන ඉරාක ආරක්ෂක අංශ වලින් එල්ල වන  ප‍්‍රහාර සාර්ථකව මැඩ අයිඑස් ත්‍රස්තවාදීහු ඉරාකයේ කාන්තාර කලාපයේ පිහිටි ප‍්‍රධාන නගරයක් වන රමාඩි අත්පත් කරගැනීමට සමත්වූහ.

ඉරාක හමුදා හා සුන්නි ගෝත්‍රික සටන්කරුවන් සමග මාස කිහිපයක සටනින් පසු ත්‍රස්තයෝ දැන් ඉරාකයට හා සිරියාවට පිවිසෙන  අධිවේගී මහා මාර්ගයක් අල්ලාගෙන සිටිති.

පසුගිය දින කිහිපය මුලූල්ලේම රමාඩි අවට දරුණු ගැටුම් පවතින බව වාර්තා වුණු අතර නවතම මාධ්‍ය වාර්තා වල සදහන් වන පරිදි අයිඑස් ප‍්‍රහාර හමුවේ අවසානයේ ඉරාක ආරක්ෂක අංශ වලට පසුබැස යෑමට සිදුව තිබේ.

අයිඑස් අන්තවාදීහු රමාඩිහි නිවෙස් වල සැඟව සිටින පුද්ගලයින් සොයායමින්,ඔවුන්ව එළියට ඇද දමමින්,වෙඩි තබා නැතිනම් හිස සිද ඔවුන් ඝාතනය කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන රාශියක්ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.ඇතැම් ඡායාරූපයන් වල ස්වයංකී‍්‍රය ගිනි අවි අතින් රැගෙන සිටින කුඩා දරුවන්ද සටහන්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලූ සහන සේවා කණ්ඩායම් වාර්තා කරන ආකාරයට මේ වන ටි පුද්ගලයින් 800 දෙනෙක් පමණ අයිඑස් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්ව තිබේ.25000 ක් පමණ දෙනා නගරය අතහැර පළාගොස් ඇත.

රමාඩි සිට සැතපුම් 20 ක් පමණ දුරින් තිබෙන ප‍්‍රධාන පෙලේ හමුදා කදවුරක් බලා මේ වන විට අයිඑස් අන්තවාදීන් ගමන්කරමින් සිටින අතර මෙම කදවුරේ ඉරාක ආරක්ෂක අංශ හා ෂියා හිතවාදී සටන්කාමිී කණ්ඩායම් සාමාජිකයින් 3000 ක් පමණ දෙනා සිටින බව සඳහන්ය.

රමාඩි අත්පත් කරගැනීමට අයිඑස් සංවිධානය ලද මහත් ජයග‍්‍රහණයක් ලෙස යුද විශ්ලේෂකයින් හදුන්වාදී තිබේ.අන්තවාදීන්ගේ ප‍්‍රධාන ඉලක්කය වන ඉරාකයේ බැග්ඩෑඞ් නගරය පිහිටා තිබෙන්නේ රමාඩි සිට සැතපුම් 60 ක් පමණ දුරින්ය.

මේ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත බැග්ඩෑඞ් නගරයට එල්ල විය හැකි මහා ප‍්‍රහාරයක් ගැන ඉරාක ආරක්ෂක අංශ දැන් තියාම දැනුම්වත් වී සිටිය යුතුයැයි ඔවුන් අනතුරු අගවයි.විශේෂයෙන් තම සගයින් දැන් ඉතාම ආසන්නයේ සිටින බැවින් බැග්ඩෑඩයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් හිතවාදී කණ්ඩායම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවල නියැලිය හැකි බැවින් ඒ පිළිඹදවද අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔවුන් පවසයි.

ඉරාකයේ ෂීයා මුස්ලිම්වරුන්ගේ බලකොටුව වන බැග්ඩෑඞ් නුවරට සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන අයිඑස් සංවිධානය පහරදීම යනු මුලූ ඉරාකයම ලේ විලක නැහැවීමට සමත් දෙයකි.එපමණක් නොව ඉරාකයේ සුන්නි - ෂියා ගැටුම එහි උච්ඡතම ස්ථානයට පැමිණීම යනු මුළු අරාබිකරය පුරාම සුන්නි - ෂියා ගැටුම් ව්‍යාප්ත වීමටත් හේතුවක් වනු ඇත.අයිඑස් සංවිධානයට අවශ්‍ය වන්නේද මෙයයි.

උපරිම බලය යොදා අන්තවාදීන් මර්දනය කිරීමට මේ වන විට ඉරාක රජය එරට ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇත.ඇමරිකාවද ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන්ට සහයවේ.

නමුත් මේ එකතුවෙන්ද අයිඑස් ඉදිරි ගමන මැඩපැවැත්වීමට තවමත් හැකිව නොමැත.

28CF6DE100000578-3085486-Insurgency_The_city_where_ISIS_militants_fired_rocket_propelled_-m-20_1431970621942 28D3FD7A00000578-3085486-image-a-31_1431966045917 28D3FD7300000578-3085486-image-a-29_1431965922265 28D3FDA600000578-3085486-image-m-26_1431965687924

28D3FD8000000578-3085486-image-m-22_1431965539009