ඇඟට බැදගත් අයිපෝන 94 ක් ඇතිව හොංකොං සිට චීනයට ඇතුළුවීමට තැත් කළ ජංගම දුරකථන ජාවාරම්කරුවෙකු චීන බළධාරීන්ගේ ග‍්‍රහණයට හසුවිය.
මෙම පුද්ගලයා අමුතු ආකාරයෙන් ඇවිදිනුත්,අත්පා සෙළවිය නොහැකිසේ අලවා ඇති සෙයක් පෙනුණත් නිසා ඔහු ගැන සැක උපුදවා ඇති චීන බළධරයින් කළ පරීක්ෂාවකදී ඔහුගේ ඇදුම් වලට යටින් සිරුර වසා අයිපෝනයන් අලවා තිබෙනු දැකගත හැකිව තිබේ.
උදරය,කලවා,පාද වැනි ස්ථාන වල මෙසේ අයිපෝනයන් අලවා තිබුණේ සෙලෝටේප අඩි ගණන් භාවිතා කරය.
එසේ අලවා තිබූ අයිපෝනයන් ගණනින් 94 ක් විය.
හොංකොං නීතිරීති වලට අනුව නීතිවිරෝධී ලෙස රටවල් අතර භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදී අසුවුවහොත් ඩොලර් ලක්ෂ 20 ක් වැනි ඉහළ දඩයකටත් වසර 7 ක සිර දඬුවමකටත් යටත් වීමට සිදුවේ.
අයිපෝනයන් නිපදවා ලොවපුරා බෙදා හරින්නේ චීනය වුවත් චීනයේ අයිපෝනයක් මිලදී ගැනීමට සෙවීම කළුනික සොයනවාක් වැනිය.තිබෙන ඒවාත් සාමාන්‍ය වෙළදපොලේ ඇති මිලට වඩා අති ඉහළ මිල ගණන් වලට අලෙවි වේ.
මෙයින් වාසි සැළසී ඇත්තේ කළුකඩවලටය.මෙනිසා අවදානම භාරගෙන වෙනත් රටක සිට අනවසරයෙන් අයිපෝනයන් චීනයට ගෙනඒමේ කටයුතු වල එවන් වෙළදාම් හිමි ඇතැම්හු නියැළී සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරන් යන එකක් අපටත් ලැබුණනම් හොදයි (දිල්)
ඔය අයි ෆෝන් අඩුවට දුන්නා නම් ඉවරනේ (නි)
හරියට රොබෝ කෙනෙක් වගේ. මේ පලවෙනි සැරේ වෙන්න බෑ. එයා දන්නවා නම් අපේ අය චෙන්නායි වලට රන් අරන් යන විදිහ පොඩි ට්‍රයි එකක් දෙයි නේද? (නදී)
හොංකොං වලින් එන අයිෆෝන් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් වගකීම් සහතික නැතුව (නි)
සෑම රටකම යහපත් අධ්‍යාපනයක් නොලබපු මිනිසුන් තමයි මෙවැනි ක්‍රියාවන් වල නියැලෙන්නේ.? (ර)