ලෝකය වෙනස් කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් උත්සහ කරන බවත්, න්‍යෂ්ටික ත්‍රස්තවාදය වැලක්වීමට පියවර ගෙන ඇති බවත් ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කීවේය.
අයි.එස් සටන්කාමීන් අතට න්‍යෂ්ටික අවි පත්වීම ලෝකයට එල්ලවන විශාලතම තර්ජනය බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඔබාමා මේ බව ප්‍රකාශ කළ් වොෂින්ටනයේදී පැවති න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවේදී ය. එම සමුළුවට රටවල් 50ක පමණ නියෝජිතයෝ සහභාගී වූහ. රුසියානු ජනපති වැල්ඩමිර් පුටින් එම සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම ලාහෝර් ප්‍රහාරය හේතුවෙන් පකිස්තානු අගමැති නවාස් ෂරිෆ් ද සමුළුවට සහභාගී වීම අවලංගු කර තිබේ.
කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබදවත් මේ සමුළුවේදී විශේෂයෙන් කතා බහට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ට නැගිටින්න අත හිත දීලා, දැන් ප්‍රතිඵල ගැන මෙහෙම කතා කරනවා. මොනවද මේ කතා...? (නි)