අයි.එස් ත්‍රස්ත කණ්ඩායම් නායක 'අබු බාකර් අල් බග්ඩාඩි' ගැන තොරතුරු සපයන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඇමෙරිකා රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔහු ගැන තොරතුරු සපයන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දෙන බවට ඇමෙරිකා රජය 2011 දී නිවේදනය කළේය.
මෙම තෑගි මුදල වැඩි කළ නමුත් ඇමෙරිකා බුද්ධි අංශ වලට 'බග්ඩාඩි' සිටිනා ස්ථානය පිලිබද කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නැති බව බලධාරීහු කියති.
අවසන් වරට ඔහු ගැන තොරතුරු ලැබී ඇත්තේ 2014 වසරේදී මොසුල් ඉරාකි නුවරදීය.ඉන්පසුව ඔහු හඩපටි රාශියක් නිකුත් කළ නමුත් ඔහු සිටිනා ස්ථානය සොයාගැනීමට නොහැකි විය.
මෙම වසරේදී ඇමෙරිකා ගුවන් ප්‍රහාර වලින් අයි.එස් ප්‍රබල නායකයින් රැසක් මිය ගොස් ඇති බවත් අයි.එස් නායකයාද ළඟදීම සොයාගන්නා බවත් ඇමෙරිකා රජය පවසයි.
ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ලබාදීම වෙනුවෙන් තෑගි මුදල් ලබා දීම 1984 පටන් සිදුවන බව මාධ්‍ය පවසයි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයි එස් නායකයාට මිලක් නියම කරයි
සොපි Monday, 19 December 2016 02:11 PM
ඔන්න අපේ කට්ටියට හොඳ අවස්ථාවක්. සොයන්න දිනන්න..... (නි)