ලිබියාවේ යුද්ධය ගැන වාර්තා කිරීමට ගිය නෙදර්ලන්ත මාධ්‍යවේදියකු අයි එස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බව බීබීසිය පවසයි. මෑතකදී අයි එස් සටන්කරුවන්ගේ පාලනයෙන් මුදාගත් ප්‍රදේශයකදී ජෙරෝන් ඔර්ලමන්ස් (45) පපුවට වැදුණූ ස්නයිපර් වෙඩි පහරකින් මිය ගියේය.ඔහු බෙල්ජියන් නැක් සඟරාව ඇතුළු ලිබියාවේ මාධ්‍ය ආයතන රැසක සේවය කර ඇත.ඔහු මීට පෙර සිරියාවේදී පැහැරගැනීමට ලක්විය.

ඔර්ලමන්ස් බොහෝ මාධ්‍යවේදීන් වාර්තා නොකළ ප්‍රදේශ වලට ගොස් යුද ගැටළු පිළිබඳ වාර්තා කිරීමේ නියැලුණු මාධ්‍යවේදියකු බව නෙදර්ලන්ත විදේශ ඇමති පවසයි.ඔහු ඇෆ්ඝනිස්තානය,සිරියාව සහ ලිබියාව වැනි රටවල යුද ගැටුම් පිළිබඳ වාර්තා කළේය.