ලිබියාවේ සේවය කරමින් සිටියදී පැහැරගත් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල සිඳලනු දැක්වෙන ම්ලේච්ඡ වීඩියෝවක් අයි.එස් අන්තවාදීහු අන්තර්ජාලයට එක් කළහ.
ට්විටර් වෙබ් අඩවියෙන් මතුවූ මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වෙමින් පවතී.
මුහුණද වැසෙන සේ සම්පූර්ණ කලූ ඇදුමින් සැරසුනු අයි.එස් අලූගෝසුවෝ තැඹිලි පැහැ ඇඳුමින් සැරසූ ඊජිප්තු ජාතිකයින් 21 දෙනකු වෙරළ තීරයක් කරා කැඳවාගෙන ගොස් එහිදී ඔවුන් එකපෙළට දණගස්වා ඔවුන්ගේ පසුපසින් සිටගෙන කුඩා සාක්කු පිහි ආධාරයෙන් සිරකරුවන්ගේ ගෙල සිඳලන අයුරු වීඩියෝවේ සටහන්ව ඇත.
තමන්ගේ ආගමික විශ්වාසයන් අනුව නොයන කවරකු හෝ ශුද්ධවු දේශය දිනාගැනීමට යන ගමනට බාධාවක් බවත් එනිසා මෙම ඊජිප්තු ජාතිකයින් පිරිස මරා දැමෙන බවත් ගෙලසිදලීම සිදුවන අතරේදී එක් අයි.එස් අන්තවාදියෙකු පවසනුද වීඩියෝවේ පටිගතව ඇත.
මෙම ඝාතනය ඊජිප්තුව පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.ඊජිප්තු ජනපති අබ්ඩෙල් ෆටාහ් අල් සිසි මෙයට පළිය ගන්නා බවටද ප‍්‍රසිද්ධියේ ශපථ කළේය.
බි‍්‍රතාන්‍යයද ප‍්‍රකාශයක් නිකුත් කරමින් අයි.එස් අන්තවාදීන් ඔවුන්ගේ මේ ම්ලේච්ඡ හැසිරීම් වලින් ලෝකයා බිය වේයැයි සිතනවානම් එය වැරදීමක් බවත් ඇත්තටම සිදුවන්නේ අන්තවාදීන් මර්දනය කිරීමට ලෝකයේ සාමයට හිතැති ජනතාව වඩවඩාත් ශක්තිමත්ව එකිනෙකා සමග අත්වැල් බැඳගැනීම බවත් පවසා තිබේ.
ලිබියාවේ ඊජිප්තු ජාතිකයින් ලක්ෂ ගණනක් සේවය කරන අතර ඔවුන් බොහෝ දෙනා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ රැකියාවන්හි නිතරව සිටින බව සඳහන්ය.
නේටෝ සංවිධානයේ සහය ලැබූ කැරැල්ලකින් පසු ලිබියාවේ ආඥාදායක කර්නල් මුවමර් අල් ගඩාපි බලයෙන් පහ කර දැමුවද සියලූදෙනා බලාපොරොත්තුවූ යහපත් අනාගතය තවමත් ලිබියාව වෙත ලැබී නැත.
දැන් එහි රජ කරන්නේ නොයෙකුත් අවි ගත් කණ්ඩායම් වන අතර එම කණ්ඩායම් වල ප‍්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ලිබියාවේ සේවය කරන විදේශිකයින් පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීමට කප්පම් ඉල්ලීමය.
අයි.එස් අන්තවාදීහු දැන් ලිබියාවටද අත පොවා තිබෙන බව මේ සිදුවීමෙන් පෙනී යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාම් ධර්මයේ කොහෙවත් සඳහන්ව නොමැතිය අහිංසකයන්ගේ බෙලිකපා ධර්මය රකින්නට. මොවුන් වෙස්ගත්ත ත්‍රස්තවදීන්ය......... එපා මෙවන් ත්‍රස්ක්තවදීන් බිහිවෙන්නට අපේ උදාර මව්රටේ.......(අ)
ජිනීවා වල ඉන්න කට්ටියට මේ අපරාධ පෙනෙන්නේ නැද්ද? නැත්නම් බයට අහක බලාගෙන ඉන්නවද? ලංකාවට තමයි දන්න සද්ද ඔක්කොම දාන්නේ. කොහෙදිත් දුබලයට තමයි පහරදෙන්නේ. (නි)
ෆෙරෝස් කාසිම්, ඔයාගේ පැතුම නම් වටිනවා.ඔය විදියටම හිතලා දැනට අපේ රටේ අන්තවාදය පතුරවන අය ගැන තීරණයක් ගත්තා නම් නේද හොඳ? (නි)
කසීම්, ඔබගේ අදහසට ස්තූතියි (නි)
බෑන්කි මූන්ලා මෙන්න මේවා ගැන සොයාබලා යමක් කරනවා නම් හොඳයි. නමුත් අපේ පොඩි රටවල නම් කුණු අවුස්සන්න හරි කැමතියි (නි)
අනේ දෙවියනේ! මොනවද මේ වෙන්නේ? (නි)
ලෝක සාමය කියා ආයුධ නිෂ්පාදනය ප්‍රධාන අදායම් මාර්ගය කරගත් බලගතු රටවලට තව තවත් දේවල් වලට මුහුණ දෙන්න සිදුවේවි අනාගතයේ.(දිල්)
එස් අයි ත්‍රස්ත සර්පයන්ට සිරියවේදී කිරි පෙව්ව අයම ලෝක යහ පාලනය ගැන කතා කරන එක නේ පුදුමේ (නදී)
ෆෙරෝස් කාසිම්,එහෙම වෙන්නේ කොහොමද ? (නදී)
අහිංසකයන් ටිකක් මරල ලොකු දෙයක් කරා වගේ. (නදී)
සාමයේ ආගම පතුරුවන්නේ මෙහෙම තමා!(නදි)
කෝ මේ ඉශ්‍රායලට කෑ ගහපු අය? (අ)
ලෝක සාමයට ලොකු ලොකු සංවිධාන තියෙනවා ඒ විතරක්ද බැන්කි මුන් වගේ ලොක්කෝ ඉන්නවා. කෝ සද්ද නැහැනේ. අපේ යුද අපරාද හොයන්න බොරුවට සද්දේ දානවා. අයි.එස් කාරයන්ට බය ඇති. පව් (නදි)
මොනවා කරන්නද ? අනේ දැන් අනුන්ට බැනල වැඩක් නැහැ සමන් අපි හැදෙමු (අ)