ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය, ෆේස්බුක් සහ අනෙකුත් පෞද්ගලික පණිවිඩ සේවා ක්‍රමවේද ඔස්සේ පණිවිඩ යවමින් අයි.එස් සංවිධානය තරුණයන් එම සංවිධානය බඳවා ගන්නා බව වාර්තා වී තිබේ. මූලධර්මවාදී අදහස් ඇති තරුණයන් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වී ඇත.
සිරියාවේ රකා නුවරදී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගනිමින් ඉන්දියානු ජාතික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව අයි.එස් සංවිධානය නිවේදනය කර තිබිණි. මරාගෙන මැරෙන බෝම්බකරු අබු යුසුෆ් අල් හින්දි නැමැත්තකු බව අයි.එස් සංවිධානයේ නිල පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය වාර්තා කර තිබූ බව ඇමෙරිකා පදනම් කරගනිමින් නිරීක්ෂණ ආයතනයක් වන ‘එස්.අයි.ටී.ඊ’ බුද්ධි සමූහය වාර්තා කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd