ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි දේපල සංවර්ධන නිලධාරියකු විසින් පදවාගෙන ගිය පුද්ගලික ගුවන් යානයක් ජැමෙයිකාවේ ඇන්තෝනියෝ වරායට කිලෝ මීටර 22ක් ඊසාන දෙසින් කඩා වැටී ඇතැයි ජැමෙරයිකාවේ වෙරළාරක්ෂක බළකාය පවසයි.
මේ යානයේ දේපල සංවර්ධන නිලධාරී ලැරි ග්ලේසර් සහ ඔහුගේ බිරිඳ ජේන් ගමන් කළහ. මේ දෙදෙනාටම ගුවන් නියමු බලපත්‍ර ඇතැයි ඇමෙරිකාව පවසයි. යානයේ යම් ගැටළුවක් ඇති බවත් ඒ හේතුවෙන් පියාසර කරන උස අඩුකරලීමට අවසර දෙන ලෙසත් ග්ලේසර් ඇමෙරිකානු ගුවන් පාලන මධ්‍යස්ථානයට දැනුම් දි ඇත. ඉන් මොහොතකින් යානය අතුරුදන් වී ඇත. යානය සෙවීමට එෆ්-15 ප්‍රහාරක යානා දෙකක් යැවූ ව ද යානය සොයා ගැනීමට හැකි වී නැත.
ජැමෙයිකාවේ ආරක්ෂක බලකායේ මේජර් බැසිල් ජැරට් මාධ්‍යයට පවසා ඇත්තේ ඇන්තෝනියෝ වරායට ඊසාන දිග මුහුදේ තෙල් තට්ටුවක සේයාවක් දිස්වන නමුත් අනතුරට පත් යානයේ සුන්බුන් තවමත් පෙනෙන්නට නොමැති බවයි.
ඔහු පවසන්නේ ගලවා ගැනීමේ සහ නිරික්ෂණ කංඩායම් මෙම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවයි.
සොකටා ටීබීඑම් - 700 නැමැති මෙම ගුවන් යානය මේ වසරේදි නිශ්පාදන කරණ ලද්දකි. යානය නප්ලේස් සිට ෆ්ලෝරීඩා දක්වා පියාසර කරමින් තිබූ බව ඇමෙරිකානු ගුවන් බලධාරීන් පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානයේ ඔක්සිජන් අඩුවීමෙන් හයිපොක්සියා නමැති රෝගී තත්ත්වය හේතුවෙන් යානයේ ගිය දෙදෙනාට යානය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්වන්නට ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යානය කිසිම විටක අතුරුදහන් වී තිබුනේ නැහැ. ගුවන් ගමන් පාලක වරයාට මේ යානයෙන් පිළිතුැරු නොලැබීම නිසා යැවූ ප්‍රහාරක යානා වලටත් මේ යානය දකින්න ලැබුනාට ඔවුන්ට ඇමරිකානු ගුවන් සීමාවෙන් ඔබ්බට යා නොහැකි නිසා ආපසු ඒමට සිදු උනා. යානය කඩා වැටෙන තුරුම රේඩාර් නිරීක්ෂණ තිබුන අතර කඩා වැටුන ස්ථානය (ආසන්න වශයෙන් ) දන්නවා. (නදී)
පළපුරුදු නියමුවෙක් ගත්තා නම් හරිනේ (නි)
මැරෙන්න ගිය ගමනක් එ්ක (නදී)