ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි දේපල සංවර්ධන නිලධාරියකු විසින් පදවාගෙන ගිය පුද්ගලික ගුවන් යානයක් ජැමෙයිකාවේ ඇන්තෝනියෝ වරායට කිලෝ මීටර 22ක් ඊසාන දෙසින් කඩා වැටී ඇතැයි ජැමෙරයිකාවේ වෙරළාරක්ෂක බළකාය පවසයි.
මේ යානයේ දේපල සංවර්ධන නිලධාරී ලැරි ග්ලේසර් සහ ඔහුගේ බිරිඳ ජේන් ගමන් කළහ. මේ දෙදෙනාටම ගුවන් නියමු බලපත්‍ර ඇතැයි ඇමෙරිකාව පවසයි. යානයේ යම් ගැටළුවක් ඇති බවත් ඒ හේතුවෙන් පියාසර කරන උස අඩුකරලීමට අවසර දෙන ලෙසත් ග්ලේසර් ඇමෙරිකානු ගුවන් පාලන මධ්‍යස්ථානයට දැනුම් දි ඇත. ඉන් මොහොතකින් යානය අතුරුදන් වී ඇත. යානය සෙවීමට එෆ්-15 ප්‍රහාරක යානා දෙකක් යැවූ ව ද යානය සොයා ගැනීමට හැකි වී නැත.
ජැමෙයිකාවේ ආරක්ෂක බලකායේ මේජර් බැසිල් ජැරට් මාධ්‍යයට පවසා ඇත්තේ ඇන්තෝනියෝ වරායට ඊසාන දිග මුහුදේ තෙල් තට්ටුවක සේයාවක් දිස්වන නමුත් අනතුරට පත් යානයේ සුන්බුන් තවමත් පෙනෙන්නට නොමැති බවයි.
ඔහු පවසන්නේ ගලවා ගැනීමේ සහ නිරික්ෂණ කංඩායම් මෙම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවයි.
සොකටා ටීබීඑම් - 700 නැමැති මෙම ගුවන් යානය මේ වසරේදි නිශ්පාදන කරණ ලද්දකි. යානය නප්ලේස් සිට ෆ්ලෝරීඩා දක්වා පියාසර කරමින් තිබූ බව ඇමෙරිකානු ගුවන් බලධාරීන් පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානයේ ඔක්සිජන් අඩුවීමෙන් හයිපොක්සියා නමැති රෝගී තත්ත්වය හේතුවෙන් යානයේ ගිය දෙදෙනාට යානය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්වන්නට ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඹු සැමියන් රැගත් යානය කඩා වැටේ
සෑම් Saturday, 06 September 2014 09:20 PM
මේ යානය කිසිම විටක අතුරුදහන් වී තිබුනේ නැහැ. ගුවන් ගමන් පාලක වරයාට මේ යානයෙන් පිළිතුැරු නොලැබීම නිසා යැවූ ප්‍රහාරක යානා වලටත් මේ යානය දකින්න ලැබුනාට ඔවුන්ට ඇමරිකානු ගුවන් සීමාවෙන් ඔබ්බට යා නොහැකි නිසා ආපසු ඒමට සිදු උනා. යානය කඩා වැටෙන තුරුම රේඩාර් නිරීක්ෂණ තිබුන අතර කඩා වැටුන ස්ථානය (ආසන්න වශයෙන් ) දන්නවා. (නදී)
දයා අළහකෝන් Sunday, 07 September 2014 03:50 AM
පළපුරුදු නියමුවෙක් ගත්තා නම් හරිනේ (නි)
සුමනා Saturday, 06 September 2014 11:56 AM
මැරෙන්න ගිය ගමනක් එ්ක (නදී)