අැමේසන් වනාන්තරයේ ඇතිවී ඇති ලැව් ගින්න සම්බන්ධයෙන් බ්‍රසීල රජයේ අකාර්යක්ෂමතාවට එරෙහිව ලොව පුරා විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර හා කොලොම්බියාවේ බොගෝටා නුවර බ්‍රසීල තානාපති කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පවත්වා ඇත.

කෙසේ වුවත් බ්‍රසීල ජනපති ජායිරෝ බොල්සානෝ එරට හමුදාව ලැව් ගිනි නිවීම ස‍ඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.

ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමේසන් වනාන්තරයයි.

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා මෙම වනාන්තරයෙන් සිදුවන මෙහෙය අතිවිශාලයි.

 


-226